වර්ෂයේ මුල්ම මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වශයෙන් දුරුතු පොහොය හදුන්වා දිමට පිළිවන.බුදුන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩම කලේ මෙම දුරුතු පොහොය දිනයේ දිය.
මහියංගනයේ පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හටගෙන තිබ්ණි.බුදුන්වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සහ දැරුවද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යැයි සිතු යක්ෂයෝ අවි අමෝරාගෙන බුදුන් වහන්සේට එරෙහිව නැගී සිටියහ.යක්ෂයින් දමනය කල යුතු නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතු බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කල බව සදහන් වේ.පසුව යක්ෂයින් ගිරි දිවයිනට පලා ගිය බවද සදහන් වේ.එහි පැමිණ සිටි සුමන(සමන්) නම් දෙවියන් පුජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් ලබා දී අතර සුමන දෙවියන් විසින් බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10 ක් උස ස්ථූපයක් කරවූ බව ඉතිහාසයේ සදහන් වේ.මියුගුණ හෙවත් මහියංගනය චෙත්‍යය එම ස්ථූපයයි.
කැළණි පෙරහැර පවත්වනු ලබන්නේද මෙම දුරුතු මාසයේය.
දුරුතු පොහොයේ සිදු වූ අනෙකුත් වැදගත් සිදු වීම.
බුදුන් වහ්සේ සතු මහා දැනුම ලෝක සත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේද දුරුතු පුන් පොහෝ දිනක දී ය.ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප, හා ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.
තමා විසින් දහම් දේශනා කොට අරහත්වයට පත් තුන්බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමග මගධය වෙත වැඩම කා බුරුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු හා ඒ අනුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේද දුරුතු මාසයේය.
තවද බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහා සගරුවනට වේළුවනාරාමය පුජා කලේ ද මෙම උතුම් පොහොය දිනයේදීය.
No comments:
Post a Comment