Saturday, October 1, 2016

පහේ සිස්සත්වෙ

එක එහෙම කිව්වට ඇත්තටම එහෙම නෑ.ඇත්තටම පොඩි උන් මෙක ලිව්වට මේ xm එක අම්මලාගේ එකක් වෙලා.ලොකු ස්කොලෙකට දාන්න.අම්මලා දරුවන්ට ආදරෙයී ඒත් මොහොතක් හිතන්න කාලේ ඒ අයගේ ලමා කාලේ.1වසරේ ඉදං සිස්සත්තේ ඉලක්ක කරගෙන අර පුංචි මොලේට දාන දෙවල් වල කොයි තරම් ගුණාත්මක භාවයක් තියෙනවද
.
ස්කෝලේ ඇරිලා තිවිල් එකේ කාර් එකෙම ඇදුම් මාරු කරන් මොනා හරි කාලා පන්ති ගිහින් රෑට රෑ වෙලා ඇවිත් හොම් වර්ක් කරන්න ඕනි.මටනම් මරණවා වගේ.අම්මලා දරුවන්ට ආදරෙයි ආදරෙයි කියලා කරන වැඩ වලින් දරුවෝ අම්මලාට ආදරේ කරයිdha කියලා සැකයි.
අද ගැන සතුටුයි හෙට ඉදං උන්නට පොඩ්ඩක් නිදහස ලැබෙන නිසා.
අද වගේ දවසක මාත් සිස්සත්තේ ලිව්වා .අම්මායි මගේ යාලුවා බුද්දිමයී උගේ අම්මයි තීවිල් එකේ ගියේ.නැගෙන හිර පැත්තට තිබ්බ දිග හෝල් එකක්.බිත්තියේ රවුම් බිත්ති ඔරලෝසුවක්.
විබාගෙට කලින් දවසේ අම්මා හවස පුල්ලෑර මුත්තා(ගණ දෙවියෝ) ලග හැන්දා පහනක් තිබ්බා හදුන්කූරු ඔඅත්ටු කරලා පොල් වතුරෙන් පුල්ලෑර මුත්තා නෑවෙව්වා.
විභාගේ පටන්ගන්න කලින් අම්මට වැන්දා.ඕ ඕ පස්සේ හොල් එකට එයා එක්කම ගිහින් අංකේ හොයාගෙන ඉදගත්තා අම්මා ගියා.අනේ මං හෙන මිටියී ඒ කාලේ බටු ඇටේ වගේ.පුංචි පුටුවල ඉදං පුංචි මෙසේ අකුරු ලිව්ව අපිට උස පුටු ලොකු ඩෙස් හුරු නැ.අමාරුවෙන් හරි බරි ගැහිලා පෙපර් එක දුන්නට පස්සේ අනිත් අය බලයිදෝ බයට ෆයිල් එක වහං ලිව්වා.
පලවෙනි ඉන්ටවල් එකේ මාලුපන් කෑවා(දැනුත් මාලුපාන් තමා ආසා) දෙකත් ඉවර වෙලා එලියට ආවිත් ,යන ගමන් අම්මා අහනවා "සුදු මහත්තයෝ xm එක ලෙසිද? "
මං කිව්වා "අම්මා මං සිස්සත්තේ පාස් "ඔච්චරයි.මගේ යාලුවටනම් අමාරුයි ලු.
අනේ මට ලකුණු කියද දන්නවද 78 යි .එකසිය 20න්ද කොහෙද බැලුවෙ.අම්මා මොකුත් කිව්වේ නැ ලකුණු අහලා ඔලුව අත ගෑවා.මට වඩා අපේ උන්ගේ ලකුණු වැඩියි.ඒත් 6 වසරේ ඉදං වාර විභාග වල මං පංතියේ ලමයි හතලිස් දෙනා අතර පලවෙනි 5අතර හැම්දාම හිටියා.
අපිට වැරදුනාද.ආසාවට සිස්සත්ත පංතියකට ගිහින් නැ.කෑ ගහලා කියන්න පුලාන් මට ලමා කාලයක් තිබ්බා.
මගේ අම්මා මං ගැන අදවත් දුක් වෙලා නැ.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...