ජිවිතයේ අපිට හමු වෙන සමහර චරිත අපිටත් හොරා අපේ බොහෝ තැන් ස්පර්ශ කරනවා.හරියට විනාශ වන බව දැන දැනත් පහන් එලිය සොයා යන මෙරුන් මෙන්, විනාශ වෙන බව දැන දැනත් ජිවිතේ එකම ආලෝකය එය යැයි සිතා කණමැදිරි එලියට වහ වැටෙනවා.බුද්ධිය කෙතරම් සිමා මායිම් වැට කඩුළු බැන්දත්, දැම්මත් හදවත අපිට අවනත කරගන්න බැ.ඒ කටුක සත්‍ය අපිව කොතරම්නම් අසරණ කරනවද , දුකට පත් කරනවද?
අමාවක ඝන අදුර තුල අතරමන් වෙලා
වල්කුළු අතර මම නුබ කොයිද සොයනයවා
ගිලිහි ගිය වැහි බිංදු තුල අතර මන් වෙලා
සයුර තුල කිමෙදෙමින් නුබව මම සොයනවා
වල්කුළු අතර මම නුබ කොයිද සොයනයවා
ගිලිහි ගිය වැහි බිංදු තුල අතර මන් වෙලා
සයුර තුල කිමෙදෙමින් නුබව මම සොයනවා
සිහිනයන් තුලට වී සද කිරණ වී එදා
මෙදා නුබ මගේ ලොව අමාවක වී ගියා
නුබේ උයනේ මල් අතර නුබ නමින් පිපි නිසා
සාර වූ භුමියේ බෝල් පොලව මම වුනා
මගේ සිහිනේ හැම රැකැ සිහින දෙව් දුව වෙලා
නුබ ඔහුගේ සිහිනයේ රගනු තුටු බලාලා
මේ භවයේ නුබව මම ඔහුටම පුදාලා
පතමි හැම භවයේදීම මගේ වෙන්න කියලා
අදහසකුත් පලකරගෙන යමු...
No comments:
Post a Comment