Sunday, September 18, 2016

ගැස්ටික් නිසා ඔබත් පිඩා විදිනවාද?....



ගැස්ටික් කිව්වාම එකෙන් පිඩාවිදින ඕනි කෙනෙක් ගේ මුණ අබුල් වෙනවා සුවර් ඒ කියන්නේ එකෙන් ඒ අය බොහෝ පිද විදිනවා කියන එකනේ.
වයස් බේදයකින් තොරව ඕනි කෙනෙක්ට වලදෙන්න පුළුවන් රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස්  කියන්නේ මෙක ෂොට් කරලා ගැසටි කියනවා අපේ මහාර්ඝ දේශීය වයිද්‍යය විද්යවෙනම් මේක අම්ලපිත්තය විදියටයි හdunwaන්නේ.


බොහෝ විට සමාජය සංකීරණ වීම හරහා ඇතිවෙන තරගකාරී ජීවා රටාව තුල හැල්මේ දුවන අපේ අයට තමන්ගේ ගැන පවා හිතන්න අමතක වෙනවනේ එත් මේ වගේ ලේදකදී ඇති වෙන වේදනාවකදී මටත් ශරීරයක් තියෙනවනේ කියලා මොහොතකට හිතෙන එකත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ.

මේ රෝගය ඇතිවීම සිදුවන්නේ ආමාශය ආශ්‍රිතවයි. මෙහිදී ආමාශයික යුෂයේ ඇති අම්ල(HCL) හා ප්‍රොටියොලිටික එන්සයිමවල(Proteiolitic enzymes) ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආමාශයික බිත්තිය තුවාලවීම හා ඒ ආශ්‍රිතව ඇතිවන ප්‍රතිචාර බඩේ ඇතිවන අධික වේදනාවට හේතුවෙනවා කියලා තමා මට දැනගන්න ලැබුනේ.

ගැස්ටික් ඇතිවෙන්නේ ඇයි

බටහිර වයිද්‍යය විද්‍යාව තුල මෙයට මුලුක කරුණු තුනක් ඉදිරිපත් කරනවා
01. ආමාශයේ හෝ බඩවැල් වල තුවාල ඇති විම
02. අධික දුම්පානය
03. නිසි පරිදි ආහාර නොදිරවීම තමයි ඒ හේතු තුන වෙන්නේ.

ඊට අමතරව

01. දීර්ඝ කාලීන වේදනා නාශක භාවිතය
02. අධික මානසික ආතතිය
03. මත්පැන් භාවිතය
04. වෙනත් සමහර වෙනත් ඖෂධ වර්ග
05. ආහාර මාර්ගයේ සැකැස්මේ තියෙන දුර්වලතා
06. ආහාර මාර්ගයේ ඇතිවෙන පිලිකා තත්ත්ව
07. තන්තු අඩු ආහාර වලට හුරු වීම

මේ ගැන හොයද්දීන් මට හමුවුන වෙදහාමිනේගේ අඩවියේ අපේ වයිද්‍යය විද්‍යාවේ මේක ඇතිවෙන්න බලපාන කරුණු පිළිබද සදහනක් හමුවුණා.

 01. සෘතු වලට නොගැලපෙන චර්යාවන්
02. එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග එකවිට භාවිතය
03. නරක් වූ ආහාර , සැර, ඇඹුල් හා පිත කිපෙන ආහාර බවර්ග නිතර ගැනිම
04. මෝරු , රා ආදී බිම වර්ගද, උඳු, මෑ ආදී රළු ආහාර නිතර භාවිතය
05. මානසික ව්‍යාකූලත්වය, අධික තෙහෙට්ටුව හා කුසීත බව.

ඇත්තටම මේ තත්වය අපිට අනති කරගන්න බැරිද.

පුළුවන් ඔබේ කට පාලනය කරගැනීම හරහා හා ඔබ ඔබ ගැන මදක් සිතුවනන්ම් ඔබට මේ තත්වය පාලනය අරගනිමට අබරි නැහැ.වෙදහාමිනේගේ අඩවියේ මේ ගැන තිබ්බේ මෙහෙමයි.

*- අධික ලෙස ශිත කළ බිම වර්ග හා කාබනිකාත බීම වර්ග නිරන්තර භාවිතයෙන් වැළකීම. බබල්ගම් වැනි කෙළග්‍රන්ථී උද්දීපනය කරන රසකැවිලි භාවිතයට නොගැනීම. (බුලත්විට වුණත් අධිකව භාවිතය නරකයි.)
*- දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා නියමිත කාලසටහනක් පවත්වාගැනීම. ඒවා අතර අවම පැය හයක පරතරයක් පවත්වා ගැනීම.
*- ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර (මද උණුසුම් නම් වඩා හොඳයි) වතුර වීදුරු තුනක් වත් පානය කරන්න.
*- තේ හෝ කෝපි පානය හැකිතරම් සීමා කරන්න. ඒ වෙනුවට රස නොකළ කිරි හෝ පළතුරු /ඔසුපැන් වලට හුරුවන්න.
*- ප්‍රධාන ආහාර වේල් අතර තුර කුසගින්නක් නොදැනේ නම් කිසිදු කෙටි ආහාරයක් නොගන්න. එසේ ගන්නේ නම් තෙල් රහිත හා අළුතෙන් සැකසූ  කෙටි ආහාරයක් ගෙන  ප්‍රධාන ආහාරය ගැනීමට පැය තුනකවත් කාල අන්තරයක් තබාගන්න. ඒ අතර තවත් එක් වතුර වීදුරුවක්වත් වැඩිපුර පානය කරන්න.
*- අධික තෙල්, වියළිමිරිස්,කුළුබඩු  යෙදූ ආහාර , ඇඹුල් ආහාර, අබ, විනාකිරි, සැමන්, රටදෙල්, ඌෂ්ණ මාළු හා කරවල, ගෝවා, මුරුංගා මාළුමිරිස් අච්චාරු ආදිය අධික ලෙස අහාරයට නොගන්න. (වැළඳී ඇති අයට මේවා ස්වල්පයක්වත් හොඳ නැත.)
*- මානසික ඒකාග්‍රතාවය - නිදහස පවත්වාගෙන යන්න. අධික ලෙස නිදි වැරීම, අලසව හිඳීම, ත්‍රාසජනක හා අවේගශීලි ක්‍රියාකාරකම් වලින් , ගැටළු පිළිබඳ දිගින් දිගටම කල්පනා කිරීමෙන් වළකින්න.
*- එවැනි අසහනකාරී අවස්ථාවකදී යහපත් මිතුරන්, තමන්ගේ ආගම හෝ පුවත්පත් කියැවීමකින් ඉක්මනින් මානසික සහනය කරා යොමුවීමට කටයුතු කරන්න.

රෝගය වැලඳුනු හා නොවැලඳුනු අයට යෝග්‍ය ආහාර වන්නේ...
*- එළකිරි, කුඩා මාළු, සියළු පළා වර්ග, පළතුරු, තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, කවපි හා මුංඇට අනෝදා, ගම්මිරිස්, සුදුළූණු, උළුහාල්, බතල, වට්ටක්කා ආදියයි. 

facebook  මගේ මිතුරියක විසින් ගැස්ටික් ගැන කියපු දේවල් ටිකකුත් වැදගත් වේවි කියලා හිතුවා.

 කෝමාරිකා මද (කොල පාට කොටස නැතුව) බීම හදන්නත් පුලුවන් මාලුව උයන්නත් පුලුවන් කිරට. එතකොට කතුරුමුරුංගා මල් කිරිහොදි, කතුරුමුරුංගා කොල, යෝගට්, දිය බත්, කොමඩු පිපිඥ්ඥා වැනි එලවලු පලතුරු. වැඩිපුර ජලය පානය කිරීම. කිරි බොන එක අගුනයි. යෝගට් හොඳයි. අනික් එක, අමු වට්ටක්කා බ්ලෙන්ඩර් කරල එයින් වීදුරුවකට මීපැනි මේස හංදක් දාලා බිව්වාම ඉක්මන් සහනයක් ලැබෙනවා
කෝමාරිකා මදය නිකන් ගිල්ලත් හරි. ඒකෙ කිසිම රසක් නැහැ. ටිකක් ඉක්මනින් වේදනාව සුව වෙනවා

අනික උශ්න කෑම හදද්දි මුරුංගා කොල, නිවිති කොල, කතුරුමුරුංගා කොල, කතුරුමුරුංගා මල් ඒම ගැලපෙන විදිහට දානවානම් හොඳයි
තව වැඩිපුර වතුර බොන තරමට මුත්‍රා සමග අම්ල පිට වෙනවා
ආ, තව උශ්න මස් මාලු හදද්දි චව් චව් කියන එලවලුවත් දාතෑකි. ඒක නිකන් උයල කන්නත් පුලාම් මස් වගේ හෝ කිරට. සිසිල් කාරක එලවලුවක්
මාස තුනක් විතර එක දිගට උදේට දිය බත් කන්න 

දියබත් හදන්න දන්නේ නැත්නම් වැඩිහිටි අම්මා කෙනෙක්ගෙන් අසා දැනගන්න මාත් වඩාත් ප්‍රියකරන රසවත් කමක් වගේම එක ඔබේ ආර්ථිකයටත් වදදයික වේවි.

චයිනිස් කැම ඔබ ආහාරයට ගන්නවානම් මදක් සිතුවොත් කටට එන රහ වගේද බඩ වදදෙද්දීන් ගමේ රස කෑමපිරිසිදුව පිසින වෙළෙදසල් පහසුවෙන් හොයාගන්න පුළුවන් .අපිට අපේ ඩේ තියද්දීන් මොකටද අනුන්ගේ කුණු අපේ ඇගේගේ ගහගෙන්නේ.

දිගුකාලින නිරෝගිමත් දිවියක් උදෙසා පොඩ්ඩක් ඔබ ඔබගනම මොහොතක් සිතුවානම් අපි විසින් විහින් ඇතිකරගනු ලබන බොහෝ රෝග අපෙන් අතට කර තබා ගැනීමට හැකියි.

කියෙව්වාට තුති.
ඔබේ අදහස් මාව දිරි ගන්වාවී.
අන් අයටත් දැනගන්න ඉඩ හරින්න.


3 comments:

Amila Karunathilaka said...

ela ayiye.digatama ohoma yamu

Anonymous said...

Good job bro. Keep it up. Best of luck. (miss psycho)

ශෙලී ඇමීලියා said...

Well done .. Keep it up

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...