අද වගේ මතකයි මට ඇයව මුලින්ම මුණ ගැසුනේ හය වසර පන්තියට ආව දවසේ දී.අපේ ගුරුතුමිය ගැහැණු පිරිමි මිශ්‍රකරලා වැඩ කලා.ගැහැණු ලමයිනම් නිතරම කිලිටු වෙලා ඉන්න පිරිමි ළමයි ගැන වැඩිවෙලා ඉන්න අකමැති වුනත් ගොඩක් පිරිමි ළමයි ගුරුතුමියගේ එම ක්‍රියාවට හදවතින්ම කැමති වුනා
.කොහොම හරි ඇය මගේ ලගට දෙවියෝ එව්වා.දැන් එයා වාඩි වෙලා ඉන්නේ මගේ ලග.මම ගුරුතුමියට හදවතින් නිහඩව ස්තුති කළා.මට ඇත්තටම ලොකු සතුටක් දැනුනා.ඇය මගෙන් පැන්සල ඉල්ලපු මුල්ම අවස්ථාවේදී මම උල් නොකරපු අලුත්ම පාට පන්සලක් දුන්නේ කැමත්තෙන්මයි.ඊට ස්තුති කරන්න කඩදාසි බෝට්ටුවක් ඇය මට පස්සේ දවසක හදලා ගෙනත් දුන්නා.මම ඒ බෝට්ටුව වැස්ස දවස්වල පාරේ අයිනේ කාණුවේ පා කරන්නෙත් නැතිව කබඩ් එකේ දාලා පරිස්සමෙන් තියාගත්තා.දවසක් ඇය මගේම වේවි කියා කියලා මට හිතුනා මම සිහින දැක්කා .මම දන්නේනැ ඒ ඇයි කියලා.එත් අපි හොද යාලුවේ නිසා මම විශේෂ ආදරයක් පෙන්වන්න ගියේ නැ.
මෙහෙම කාලයක් ගතවෙද්දී නවය වසරේදී අපි දෙන්නම ටියුෂන්
ගියේ එකම සර් කෙනෙක් ලගට .මම ඇයට වඩා දක්ෂයි කියලා තමායි ය හැම වෙලවෙම එයා කිව්වේ.එත් මම නම් එහෙම හිතුවේ නැ.,මට හොදට
මතකයි ඒ දවස් වල එයා ලොකු ළමයෙක් වුණා.සදක් වගේ පිරිලා ඇය පන්තියට ආවාම යාළුවො ගොඩක් එයාට විහිළු කළා. ඇයගේ කොපුල්
ජම්බු වගේ වුනා.ඇස් රතු වුනා.වැඩි කාලයක් යන්න කලින් ඇය පස්සේ පිරිමි ළමයෙක් එනවා
කියලා ඇය පළමු අවතාවට මට කිව්වා.මමත් එන්නේ ඔයාගේ පස්සෙන් නේද කියලා කියන්නත්
හිතුන්නෙත් මම එහෙම කිව්වේ නැ.මොකද අපි හොද යාලුවෝ නිසා.එහෙත් මටනම් එය හොදම
යාලුවට වඩා ගොඩක් විශේෂයි කියන්න ඔනිකමක් තදින්ම තිබුණා නමුත් එය එදා එක නොකියවුණා.
උසස් පෙළ කරන
කලේ දී ඇය පිරිමි ළමයෙක් එක්ක යහළු වුනා.මට මතක තියෙන්නේ ඒ කතාව ඇහුවම මම ලොවටම
රහසින් ඇඩුවා කියලා විතරයි.එත් දවසක් පන්ති ඉවර වෙලා යනකොට ඇය මම හමුවීමට ආවා.ඇයගේ
පෙම්වතා ඇයට නොගැලපෙන බවත් එම ප්‍රේමය තමන්ට ශක්තියක් වුනේ නැති නිසා ප්‍රේම
සම්බන්දය නැවැත්තුවා කියලත් ඇය කිව්වා.මම ගොඩක් සතුටෙන් අයගේ හිත හැදෙන්න කතා කළා.ඇය
එදා මගෙන් සමුගත්තේ මාwa වැළදගෙන.ඇය මාව වැලදගත් දිනයේ ඇයගේ සිනිදු රැලි හිසකෙස්
වලින් හමා ගිය ජනප්‍රිය සැම්පු සුවදත් මගේ මුහුණේ යාන්තමට ගෑ වුණා ඒ පවුඩර් සුවද
තාමත් මගේ මතක පොතේ තියෙනවා.
”අපි හොද
යහළුවෝ නේද?” මම ඇහුවා?
“ඔව්”
ඇය එහෙම
කිව්වේ ලපටි සිනහවකින් මුව සරසන ගමන් .ඒ සිනහව තුල ආදරණිය ස්ඤා දුසිමක් මම දැක්කා.එහෙත්
අපි හොද යහළුවොනේ අපි යාළුවන්ට වඩා විශේෂයි කියන්න මට ලොකු ඕනෑකමක් තිබුණා එහෙත්
එදා එක නොකියවුණා.
උපාධියෙන් පස්සේ ඇය විවාහ වුනා .මටත් වෙනත් නගරයක
රැකියාවක් ලැබුනා මමත් ඇයගේ වේඩ්න් එකට ගියා එයා බදින කොල්ල හරි වැදගත් කියලා
හිතුනා.ඒ නිසා මම ඔවුන්ට ඇත්තටම සුභ පැතුවා.වේදීන් එකේ දී ය මගේ දිහා කීප වරක්ම
දුකෙන් වගේ බැලුවා.මට එක හොදට පෙනුනා.මම ඇය ලැගීන්ම වාඩ් වුණා.අපි හොද යාළුවො නේද.
ඇය මගෙන් රහසින් ඇහුවා.මම සුපුරුදු පරිදි ඔව් කියලා ඔලුව වැනුවා.එහෙත් තාමත් මට
ඔයා යාලුවෙක්ට වැඩා විශේෂයි මම ඔයාට ගොඩක් ආදරෙයි කියන්න මට එදත් ලොකු වුවමනාවක්
තිබුණා.එත් එදා එය නොකියවුණා.මම එදා නම් ගෙදර ආවේ ලොකු දුකකින්.
රුසියානු මිග්
යානයක වේගයෙන් කාලය පියාසර කරා.මම මගේ රජයේ සේවයේ විශ්‍රාම අරගෙන ලොකු පුතාලගේ
ගෙදර නැවතුනා.එක සිකුරාදා දිනක ලියාපදිංචි ත්පැලෙන් ආව ලියුමකින් මගේ ගත සිත සලිත
වුනා ඔබගේ හොදම මිතුරිය නැතිවුනා,ඔබට අවසන් වතාවට අයව පෙන්වන්න කියාලා ඇය මට කියලා
තිබුණා.
මට එහෙම
පණිවිඩයක් කියලා තිබුනේ මගේ ආදරණිය මිතුරියගේ සැමියාය.වසර තිහකින් පමණ අයත් මමත්
වැරදිලාවත් මුණ ගැසුනේ නැ.නමුත් ඇයගේ අන්තිම කැමත්ත මා පිළිබදwa දැක්වීම ගැන මම
පුදුම වුනා.මම ලොකු පුතාගේ ලොකු මුණුපුරත් එකතු කරගෙන මළගෙදරට ගියා.ඇයටත් මට වගේම
ලොකු පුතාල දෙනෙක් ඉන්නවා.ඇය වගේම ලස්සන තරුණ දියනියකුත් ඉන්නවා.
මම ඇයගේ මෘත
ශරීරය දිහා අවදානයෙන් බලාගෙන හිටියා.එයා මළවුන අරලිය මලක් වගේ,ඉස්සර මම එයාට මගේ
හදවතින් කිව්වේ අරලිය මල කියලයි.කලුපාට ලි පෙට්ටියක් තුල නිහඩව සතපලා ඉන්න මෙම
නිසල ජිවියාගේ සජීවී චලනයන්ට මම එකල කොයිතරම්නම්
ආදරය කරාද?මගේ හිත මගෙන්ම එහෙම ප්‍රශ්න කළා,මම කාටවත් නොපෙනෙන්න ය මට හය වසරේදී
තිලින කකළ කඩදාසි බෝට්ටුව සුදු ඇත වැසුම් දමා තිබුණු ඇත් යට රහසින් සැගවුවා ඒ ඇත
අයිස් වගේ හරිම සීතලයි.ඒ කාලයේ ය මට ලං වන අවිට ඇය අසලින් වහනය වුන ඔදිකොලෝන් සුවද
වෙනුවට මට එදා දැනුනේ බෙහෙත් සුවදක්.දහය වසරේදී මිල්ටන්ගේ සින්දු පොතක් දෙන
අවස්ථාවකදී මගේ ඇත ඇයගේ අතේ වැදුණු මොහොතක දී එයා ගොඩක් කලබල වුණා.හරියට කරන්ට් එකක්
වැදුනා වගේ.මම ඇයගේ බිය නැති කරන්න
“අපි හොද
යාළුවො නේද”
කියලා
ඉක්මනින්ම ඇහුවා.එහෙත්
ඔයා මගේ නේද
කියන්න තමයි
මට ඇත්තටම උවමනා වුනේ.මට ඒ සිද්ද්දිය හිත අස්සේ ඇති වූ හදිසි විදුලි කෙටිල්ලක් වගේ
ආයේ මතක් වුනා.
මම යන්න ඔන්න
මෙන්න තියද්දින් අගේ සැමියා මට කලුපාට පොත් වගයක් ගෙනත් දුන්නා.
“මේ දයිරිස්
ඔයාට ගොඩක් වැදගත් වේවි,තරුණ කාලේ නැවත මතක් වෙයි.ඔහු මද සිනහවක් පන ගම කිව්වා.
මම ඒ දිරි වල
තිබුණු සියලු දෙවල් ඔබට් කියන්නේ නැ යාලුවා.දුරින් හිද කල අපි දෙන්නගේ අහිංසක ආලය
ගැන ගොඩක් දේවල් නිල්පාට මුතු අකුරෙන් ඒවායේ ලියවිලා තිබුණා.එහෙත් ඇය දහය වසරේදී
ලියපු ඩයිරියේ වැහිබර සදුදා දිනක දුක්බර සවසක් ගැන මෙහෙම සටහන් වෙලා තිබුණා.
“එදා හුගක්
වැස්ස දවසක් ඇත්තටම එක කදුළු වැස්සක් කියන්න පුළුවන්,මට එයා ගණන් පන්තියේදී මුණ
ගැහුනා.එයා මම ආස නිසා මිල්ටන්ගේ සින්දු පොතක් ගෙනත් දුන්නා පොත ගන්නකොට අපේ ඇත
යන්නමින් ගැවුණා.මට අආදරණිය උණුසුමක් දැනුනා.එහෙත් මම ඒ උණුසුම පෙන්වන්නේ නැතිව ගින්දරකට
ඇත පිච්චුනා බව පෙන්වලා වේගයෙන් මගේ ඇත පැත්තකට ගත්තා.”අපි හොද යාළුවො නේද ?” එයා
ඉක්මනින්ම එහෙම ඇහුවත් “මට නම යහළුවෙක්ට වඩා ඔයා ගොඩක් විශේෂයි “ කියන්න දහස වරක්
හිතුනා.නමුත් එක හැමදාම වගේම එදත් නොකියවුණා.”
‘මල්වල ලස්සන
බලන්න මල කඩලා අට්ට ගන්න ඕනේ නැ.”
නිමි...
(උපුටා ගන්නා
ලද කතාවක් වන අතර සියලු ගරුත්වයන් මෙහි මුල් හිමි කරුවන _-ජීවිතය වෙනස් කරන කතා
කැලුම් වැලිගම අයියගේ වටිනා ,කෘතියට හිමි
වා අතර යම් යම් දෑ මදක් මා අතින් සෂ්ස්කරනයට ලක් විය.)
No comments:
Post a Comment