Friday, October 7, 2016

ගණිකාව (ganikawa)

බඩුව,පාර ,දබේ,වෙසාවි,ජිල,මස ,ගොනා ,ජබොක් මේ කොයි නමෙනුත් අපි අතරට එන ලිය නමින් ගණිකාවයි.

මලක් මෙන්  අදුරේදී සුවදවිදින ආලෝකයේදී පොඩිකර ඉවතට දමන,"ගණිකාව"යැයි කියූ සැනින් ඇස් ගෙඩ් ඉවතට ගෙන කට අයාගෙන බලන සමාජේක මේ පොතකයා ඒ ගැන තියෙන කුතුහලය සංසිදවා ගත්තේ නැත්තනම් වරුගානක් කුසගෙන්නේ සිටියාසේ වෙවි.ඒත් මේ ටොපික් එකේ දිගපලල මෙච්චරයි කියලා නිර්ණය කරන එකනම් බොරුවැඩක්.

සංස්කෘතිය සභ්‍යත්වය ආගමික ලැදියාවෙන් අනූන යැයි කියන සමාජක්‍රමයකය තුල මේ වගේ දෙයක් ගැන කතාකීරීම පිලිකුලට හා විවේචනයට භාජනය වන දෙයක් වන්නට පුලුවන්.එත් සිදුවන දෑ දෙස බැලීමේදි ඔය කියන සංස්කෘතිය සභ්‍යත්වය තුල සදාචාරයක් වත්මනේ කොතරම් දුරට ඉතුරුව පවතිනවාදැයී සොයාබැලීම වටින දෙයක්.
ලිංගිකත්වය අපිට එදිනේද ජිවිතයේදි ගන්න ආහාර ඇදුම්පැලදුම් ආදරය තරමටම මුදුන්පමුනුවා ගතයුතු අවශ්‍යතාවයක්.ඒක නිසිකල නිසිලෙස නොලැබීම ලෙඩක්.අන්න ඔය සිටුවෙසන් එක උඩයී සමජය තුල ගණිකාව කියන චරිතෙට තැනක් ලැබෙන්නේ.

කවුද මේ ගණිකාව

මානසික බැදීමකින් තොරව මුදල මත බැදීම තීරණය කොට කායිකව ලිංගික අවශ්‍යතා පුර්ණය කරන තැනැත්තිය ගණිකාව විදියට හදුන්වන්න පුලුවන්.

-The encyeiopdie of britance- කෘතියේ 'විල්සම් බෙන්ටම්' කියන විදියට ''මුදල් හෝ ආර්ථික වටිනාක්කමින් යුත් ද්‍ර්ව්‍යන් හිමිකර ගැනීම උදෙසා හදුනන හෝ නොහදුනන පුද්ගලයෙකු සමග භාවාත්මක හැගීමකින් තොරව ලිංගික චර්‍යාවෙ'' යෙදෙන්නි ගණිකාවකි.

ඇත්තට ගණිකාව සමාජගතවුනේ කොමද කියන ප්‍රශ්ණෙට දිනවකවානු තවම නිශ්චිතව හොයාගෙන නම් නැ ඒත් මුල්කාලීනව ආගමික මුහුණුවරකින් මෙය ව්‍යාප්තවෙලා තියෙනවා ඒ කාලේ දෙවිවරුන් උදෙසා කාන්තාව පුජාකරා කියනවලුනේ ඇත්තම දෙවියෝ වෙලා තියෙන්නේ නම් පුජකයෝ තමා පස්සේ ඔය මුලින්ම පැබිලොනියානු ශිෂ්ටාචාරවල වීනස්දෙවගන වෙනුවෙන් ජිවිතකාලේ පුරාවටම ගණිකාවන් සෙවයකරලා තියෙනවා හැබැයී ඔයකාලේ ඒ අය ශුද්ධ කාන්තාවන් විදියට තමා සමාජගත්වෙලා තියෙන්නේ.

ග්‍රීක රෝම කාලවල ඉදන් එන ගණිකාවෝ අපිට බුද්ධකාලේදි හම්බවෙනවනේ අම්බපාලී නමින්.බුද්ධකාල සාහිත්‍යයේ අපිට අමිබපාලි වගේම සලවති වගේ ගනිකවන්ද මුනගැහෙනවා (ජීවක වේදදුරාන්න්ගේ මව සලවති ගණිකාවයි). හම්බවෙනවා.එතකොට ඔය 05වන කාශප රජදවස ගණිකාවන් හිටිබවට සිගිරි ගී වලින් ව්‍යාන්ගාර්ථ වෙනවා කියලා මහාචාර්‍ය සෙනරත්පරණවිතාන මහතා ප්‍රකාශකරලා තියෙනව.අනෙක් අතට අපේ රජවරුන්ට අන්තඃපුර තිබ්බා කියන එක නොරහසක්නේ අඩුම අන්තඃපුරෙක දාහක් පන්සියක්වත් ඉන්න ඇතිනේ එතකොට එක්කෙනෙක්ට චාන්ස් එක ලැබෙන්නෙ සමහරවිට අවුරුද්දකට එකපාරක් වෙන්න පුලුවන් එක එහෙමනම් රජගේ සේවකයෝ අන්තඃපුර ස්ත්‍රතීන් එක්ක රතිකෙලියේ යෙදුන් නැ කියලා කියන්න පුලාන්ද බැනේ එතකොට ඒ කුමාරිකාවනුත් වැටෙන්නේ අර ගොඩටයි.එහෙම නේද. 

හොදට ඇස් ඇරලා බැලුවොත් වෘර්තීය වශයෙන් මේ රැකියාව කරන අය අප අවට පරිසරයේ අපිත් එක්ක ජිවත්වනවා දැකගන්නට පුලුවන් .ඒ ඒ ගණිකා වර්ග වලට ඇදලා සුවිශේස ලක්ෂණ එමත් තියෙනවා  උනන්දුවෙන් බැලුවොත් හොයාගන්න අමාරුවෙන එකකුත් නැ හැබැයි පුතෝ උනන්දුවෙන් බලන්න ගිහින් වැඩවරද්දගන්න එපා.

 ගණිකාවන් පිළිබදඅධ්‍යයනය කරපුවුන් මේ අය පුධාන කොටස් කීපයකට බෙදා දක්වනවා.ඒ
 
  1. ස්ත්රි ගණිකා වෘත්තිය                        -           FEMALE PROSTITUTION
  2. පුරුෂ ගණිකා වෘත්තිය                     -           MALE PROSTITUTION
  3. ළමා ගණිකා වෘත්තිය                       -          CHILD PROSTITUTION
  4. සමලිංගික ගණිකා වෘත්තිය              -           HOMOSEXUAL PROSTITUTION
විදියටයි.

ඉහත කොටස් හත්රෙන් ඔබ්බට ගොස් මේ විදියට පුලුල්wa වර්ග කරන්න පුළුවන්.( )
.

1.         විභව ගණිකාව - විභව ගණිකාව යනු නිශ්චිත වශයෙන්ම ගණිකාවන් නොවූ එහෙත් ගණිකා වෘත්තිය සදහා හුරුවෙමින් පවතින කාන්තාවන් වේ.රැකියාවන් නොමැති අයවලුන් බොහෝ විට මේ සදහා යොමුවන අතර මෙවන් පිරිස් මේ සදහා යොමු වීම වලක්වා ගැනීමට හැකියවක පවතිනවා.
2.         ලාභාල ගණිකාව - ලාභාල ගණිකාව යනු ඉතා අඩු වයසින් ගණිකා වෘත්තියට පිවිසි පිරිස වේ. මොවුන් ඉතා ලාභාල වයසින් ගණිකා වෘත්තියට පිවිසෙන නිසා පසු කලෙකදී ඉතා සාර්ථකව එම වෘත්තියේ නියැලීමට හැකියාවක් පවතිනවා.අතවරයන්ට හා අඩන්තේට්ටම් වලට් කුදාකලම ගොදුරු වන වැඩිහිටියන්ගේ අවදානයෙන් ගිලිහුණු පිරිස් මේ සදහා යොමුවන අතර බොහෝ විට මොවුන් මේ සදහා යොමුවීමට යම් අයකුගේ පොලබවිමද බලපාන අතරම රටක් වසයෙන් ඉදිරියට යාමේදී මෙය බොහෝ ගැටලුවක්ව පවතින තත්වයක්.

3.         වීදි ගණිකාව - වීදි ගණිකාව යනු නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ,නගරයේ වීදි වල සැරිසරමින් ගණිකා වෘත්තියේ නැයැලෙන පිරිසයි. ඔවුන් ඉතා අපිරිසිදු පහත් ආර්ථික ත්වයකට හිමිකම් කියයි.සැබවින්ම මොවුන් රෝග පතුරුවන්නන් ලෙසදහදුන්වන්න පුලුවන්.ඕනෑම පරදන නගරයක් තුල විදි අතර ඉන්න මොවුන් අවසයතා ඇත්තවුන් හදුනාගැනීමේ හැකියාවකින් යුක්තවන අතරම විදි ගණිකාවන් බහුතරය අදාල පුද්ගලයන්ගේ පසුම්බියට එම සුන්දර සුද්දයක් ලබා දෙන්නත් දක්ස්යිලු.ඔවුනට හැකිනම් පිරිමියාගේ අද සිටින කලිසම වුවද ගලවා ගෙන යාමට හැකියි.

4.         ස්ථානීය ගණිකාව - ඇය නිශ්තිත ගණිකාව ලෙසින්ද හැදින්වේ. මෙම ගණිකාවන් කිසියම් නිශ්චිත ස්ථානයක ගත කරමින් වෘත්තියේ නියලේ. බොහෝ විට මොවුන්ගේ නිශ්චිත ස්ථානය ගණිකා නිවාසයයි.වර්තමානයේ කොතරම් වැටලීම් සිදුකරනු ලැබුවත් රහසේ යම් යම් සබදතා හරහා මේවා පවත්වාගෙන යන අතරම විඉද මිලගණන් යටතේ මොවුන් එම නිවාස වලදී ලබා ගැනීමට හැකිවන අතර අවශ්‍යතාවනට අනුකුලව සපයිමක්ද සිදුකිරීමට මොවුන් කටයුතු කරනු ලබයි.
5.         සංචාරක ගණිකාව - මොවුන් විශේෂ උත්සව ස්ථාන වල ගැවසෙමින් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ය. සැනකෙළි භූමිවල , පෙරහැර කාලවල එම ස්ථාන ආශිතව සැරිසරමින් මොවුන් ගණිකා වෘත්තියේ යෙදේ.මොවුන්නම් ඔබ දැක තිබෙන්නට පුළුවනැ.ඒ ඒ කාලවල නගර වල පවත්වන විසේස උත්සව වලට මොවුන් කණ්ඩයම් වසයෙන් සහභාගී වී ඒ අය අතර සිටින පුරුසයන්ට සුක්සමව දැල් එලීමට මොවුන්ට විසේස හැකියාවක්ද තිබෙනවා.
6.         මධ්‍යම පාන්තික ගණිකාව - ඇය සුපිරි ගණිකාව වශයෙන්ද හදුන්වයි. සුපිරි ගණිකාවන් රැකියාවන් කරන අතරවාරයේ අමතර ආදායමක් අපේක්ෂාවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් වේ. මොවුන් කිසියම් ප්‍රමාණයකට අධ්‍යාපන දැනුමක් , වෘත්තීය නිපුනතාවයක් ලබා ගත් කාන්තාවන් වේ.
7.         විලාසිනියන් - මේ යටතේ මෝස්තර නිරූපිකාවන් , නිලියන් , රූපරාජිනියක්, සම්භාහන ආයතන වල සේවය කරන කාන්තාවන් අයත් වේ. විලාසිනියන් වශයෙන් හැදින්වෙන ගණිකාවන් බොහෝ විට රටේ ප්‍රසිද්ධ නමක් දරණ පුද්ගලයන්වේ. එසේම මෙම කාන්තාවන්ට ඉතා ඉහල ඉල්ලුමක් මෙන්ම වැඩි මිල ගණන් අයකිරීමක්ද පවතින බව පෙනේ.හමුවන සියලු ය වලුන් සමග මොවුන් සබදථාඅ නොපවත්වන් අතරම ලෝල්ලෙක්ගේ ආදරයෙන් පුද්ගලයන් හදුනා ගනී

8.         දුරකතන ගණිකාවන් - මොවුන් දුරකතන මාර්ගයෙන් රටේ ඉහල තනතුරු දරණ අය සමග සම්බන්ධතා පවත්වයි. බොහෝ සුපිරි හෝටල් වල දුරකතන ගණිකාවන්ගේ ඡායාරූපය , දුරකතන අංකය සහිත ලේඛනයක් ඇත. එම ලේඛනය මගින් පුද්ගලයන් දුරකතන ගණිකාවන් සමග සම්බන්ධවේ.වර්තමානයේ බොහෝ දෙනෙක් මේ අයවලුන් ගැන කතා කරන අතර පවතින අන්තර්ජාල පහසුකම් එක්ක මොවුන් වඩාත් පුළුල්ව තම කටයුතු පුළුල්ව සිදුකරයි.
9.         අධිපති ගණිකාව - ඇය මැඩම් ගණිකාව ලෙසද හැදින්වේ.මොවුන් කාලාන්තරයක් ගණිකා වෘත්තියේ නියැලී ලබා ගත් අත්දැකීම් මත ගණිකා නිවාසයක් පවත්වාගෙන යන පිරිස වේ. මොවුන් යටතේ ගණිකා නිවාසය තුල තවත් ගණිකාවන් ජීවත් වේ. අධිපති ගණිකාවගේ ආර්ථික මට්ටම ඉතා ඉහල මට්ටමක් ගනී.
10.       වවුල් ගණිකාව - වවුල් ගණිකාව යනු කාලයක් තිස්සේ ගණිකා වෘත්තියේ නියැලී වයසට පත්වූ අය වේ. වයසට පත් වූවත් පුරුද්දක් වශයෙන් ගණිකා වෘත්තියේ නැයැලෙන කාන්තාවන්ය. මොවුන් සදහා ඇති ඉල්ලුම ඉතා පහලය.

ගණිකා වුර්තියක් බවට වර්තමානයේ පත්ව ඇති අතර මේ කල එහි සීග්‍ර වර්දනයක්ද පෙන්වයි.අවශ්‍යතා නොමැතිනම් මොවුන් වර්දනය වීමට නොහැකි අතර දිනෙන් දින මොවුන් සොයා යන්නවුන් වෙනදාටත් වඩා සොයායන්නවුන්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැත.මේ තත්වය මෙතැ පවුල කියන සමජ සංවිදානයේ යම් දෙදරීමක් ඇතිවීම නොවැලැක්විය හැකිය.අනෙක් බයානකම කරුණ නම් මේ හරහා කරලියට එන ඒඩ්ස් වන් සමාජ රෝගය...

ආර්ථික අපසුතා, සමජයේ ගැරහුමට ලක්වීම,විරැකියාව.වැන්දබු බව,වගේ බොහෝ හේතුසාදක මෝ සදහාඅ බලපාන අතර මේවට පිළියම් ලබා දීම තම වඩාත් වැදගත්.එහෙම නැතුව ගණිකා නිවාස කොයි තරම් වටලුවත් පලක් නැත.ඔවුනට කොයිතරම් නඩු දැම්මත් වැඩක් නැත.අනෙක් අතට කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ දුරකතන උදුරාගෙන ඒවායේ අසැබි දර්සන තිබේදැයි බලා හෝ කොල්ලෙක් කෙල්ලෙක් සමග එකට සිටින විටදී කොල්ලාගේ ජොකා තිබේදැයි හෝ කෙල්ලගේ පන්තිය තිබේදැයි අතගා බැලීම පට්ට විහිළුවක් විදියටයි මා දකින්නේ. 


ගණිකා ව්ර්තිය නීතිගත කලයුතුද මේ පිලිබදව බොහෝ දෙනා විවිද අදහස් දක්වයි.සැබවින්ම එහි හොද මෙනම්නරකද පවතී.නමුදු මා දකින පරිදිඑය රටේ ගරුත්වයට හානියකි.අනෙක් අතට මේ සදහා බලෙන් පුද්ගලයන් සම්බන්ද කිරිමටද වැඩිහැකියාවක් පවතීන අතරම එය මෙහි වර්දනයට පොහොර එකතුකරනවා සේ වේවි.අනෙක් අතට මෙය සම්පුර්ණයෙන්ම නැවත්වීමට කටයුතු යොදන බව කවුරුන්හෝ පවසනවානම එය සුන්දර කතාවක් වන්නට පුළුවන නමුත් එය එසේ කල හැකිද.නමුත් මෙහි යාම ගුණාත්මක පාලනයක් හරහා මෙහි ඇතිව තිබෙන ගැටළු වලට යාම යම් පිළියම්සොයාගැනීමට හැකිය.`

අනෙක් අතට ගැනියෙක් හා පිරිමියෙක් ලිංගිකව එකතු වීම අපේ වුන්ට මැජික්එකක විදියටයි මා නම් දකින්නේ.හේතුව ලිංගික අද්‍යාපන අපෙ රටේ නොමැතිවීමයි. "මිස් ලිංගිකව එකතු වෙන්නේ කොමද  "කියා මා ඇසුවොත් සුවර් එකටම මා විදුහල්පතිගේ කාමරයේ බව මා හොදටෝම දනී.ඒ වගේම ගෙදරින් ගෙනල්ලා පට්ට නාඩගමක් නැටිමටද හැකියවක් පවතී.සමහර විට මෙහෙම ප්‍රස්නයක් අහන්නේ ඇත්තටම වල් අදහසකින් වෙන්නට පුළුවන නමුත් එය පිළිතුරක් ලබා නොදිය හැකි ප්‍රස්නයක් විදියට මා නම් දකින්නේ නැහැ.සෙක්ස් සොයා අපි කප් ගසා ඇත.එය වැරදිද.ගනු පිරිමි බේදයකින් තොරව නිල් චිත්‍රපටි පිරිස් නරබන එක නොරහසකි.එය අතීතයේ පැවතුනේ නිල පත්තර ලෙසය.නොදුවත්කමට වඩා දැනුවත්වීම වටිනා බව මගෙනම් අදහසයි.

ගණිකාවට මා කිසිදින දොස් කියන්නේ නැත.ඔවුන්ද මනුස්සයෝය.බොහෝවිට මොවුන් ර්කියව මෙය තෝරාගන්නේ අසරණ කෑමනිසාවන්නට පුළුවන.අනෙක් අතට සමාජයේ සිටින අසහන කරන්ගෙන් පුන්චි දරුවන් බේරාගැනීමට හැකියාවක් පවතීන බව මගේ විස්වාසයයි.

 තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ.. 



ගීත සහිත්යෙයේ අපට ගණිකාව දෙස මනුසිය හැගීමෙන් බලපු සුන්දර ගීතය "ලදුනේ"රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ අතින් හැඩවුන.කේමදාස සුරින්ගෙන් වරණ ගැන්වුන වයලින් වාදකයා ගායකයකු වූ අමරසිරි පිරිස් මහත්තයගේ ගියට අමතරව "සදකඩ පහනක"ගියෙනුත් ගණිකාවක් ගැන තමා කියවෙන්නේ.


ඇති දිගැට අවා.ම ගණිකාවට සුදු පිරුවටයක් අන්දවන්න උත්සාහ කරන්නේ නැත මන්ද ඔය වැඩේ තනියම කිරීමට නොහැකි නිසා.ඔබ ගණිකාවන්ට ගල්ගසනවානම්  පළමු ගල්පහර නිවැරදි කරුවකු අතෙන්ම විය යුතුය.කතාව  මෙහෙම හමාර කරන්නම්


පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ... 

(බොහෝ තොරතුරු අන්ත්ර්ජලයෙන් මෙන්ම පොත්පත්වලින්ද සොයාගන්නා ලද අතරම මේ ගැන කරුණු හොයන්න උදවිකරපු හා විස්තර ලබා දුන සියලු දෙනාට තුති,අනෝමදස්සී හාමුදුරුවෝ,මදාරා අක්කා.ෆේස්බුක් එකේ මිතුරන් නම් හෙළි කිරීමට බැ.තුති)

කමෙන්ට් එකක් කොටන් යමුද...
(අකුරු වැරදි ඇති සමාවෙන්න)




No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...