Saturday, October 1, 2016

අගොස්තුවෙ කාඩ්බොඩ් හීරෝස් & ටීවි සිරියස් නළුවන්

අප්‍රෙල් අවුරුදු නිවාඩුව තරම්ම නොවුනත් අගොස්තු නිවඩුවත් පට්ට.ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි සෙල්ලමට අන් හැමටම වඩා තඩි වුවමනාවක් තිබු නිසාය.2වන වර විභාගේ ඉවර වුන විගස ඉසආසාවෙන් ලේ අවසාන දවසේ ලොකු සර් "නිවාඩු කාලේ පාඩම් කරන්න ඔනෑ"කියන වචනය මතක් වෙන්නේ නිවාඩුවෙ අවසානම කාලේ තමා.

ඉස්සර ෆෙස් බුක් ගැන මං නම් අහලා වත් දැක නැත ෆොන් එකකට දැක තිබුනේ ලංකාබෙල් ලැන් එකයි අම්මගේ ත්‍රිබල්වන් සිරෝ නොකියා ෆොන් එකයි(මං ආසම ෆොන් එකක්).
ඉස්සර උදෙම නැගිටලා මිදුල හෝ ගෙදර හෝ දෙකෙන් එකක් අතුගානවා බොහෝවිට ගෙදර තමා තොරාගන්නේ.පස්සේ මල් පැලවලට ලිදෙන් අනිවරෙන් වතුරදාන්න ඕනි.පස්සේ ඉස්සර සිරසේ ගියා උදෙට චිත්තරපටියක් (දැන් යනවද දන් නෑ ටී වි වැඩි බලන් නැ) ඔක බලලා තමා කරන නාඩ ගමක්.
බොහෝ විට අපි හවසට වැව් පිටියට හෝ කුල්ලා මාමලාගේ කුබුරට එකතු වෙනවා වැව් පිටිය ට වඩා කුබුරට මම නම් ආසා එක ආතල්.වයස් බෙදයක් නැතුව හැමොම එකතුවෙලා හවස් වෙනකම් ක්‍රිකට් ගහනවා හරි ශෝක් බොලේ දිහා බලාගෙන ගිහින් නියරවල් වල වැදිලා බිම වැටිල කකුල් පතුරු ගිහින් ඇතී හ්ම්ම්.නිදිකුම්බා වලට යටි පතුල් සිරිලා.
විටෙක අපි පොල් කටු ගහන්නට එකතු වෙනවා එක ගම මැද කෙල්ලෝ කොල්ලෝ ඔක්කම එකතු වෙනවා. ඔත්තෝ සෙල්ලම් නම් ඉතිං ගම වටා කරක් ගහන සෙල්ලමකි.
පන්සල් ගලේ ආර්මි සෙල්ලම්ද නොකරුවා නොවේ.මේ හැමදෙම ලොකු අය බලන් ඉන්නවා හවසට බොල ගහද්දින් "ඔහොම නෙමෙයි බොල මෙහෙම ගහපිය"කියා අවවාද දෙයි.රණ්ඩු බෙරයි.
ගෙදරට හොරෙන් බිලි බාන්නද යයි පනුවෝ හොයන එක නම් ආතල් . පංසලේ ලොකු හාමුදුරුවොන්ට අසු වුන අවස්තාද ඇත හවසට ගුරු අලියෙකු මෙන් ගෙදර යයි.
ස්‍රමදාන වැඩවල අපි මුල් තැන ගනී මයියොක්කා අලයි කට්ට සම්බොලෙයි නෙලුම් කොලෙක හම්මේ ඉතිං.පස්සේ හකුරු කෑල්ලක් එක්ක පොල්පලා.
ටිවුශන් ක්ලාස් නැ.විඩියෝ ගෙම් නැ.ෆෙස් බුක් නැ.සතුට ඉතිරෙන්න තිබ්බා.අපිට වැරදුනාවත්ද?
සියල්ල වෙනස් වී ඇත. යහපත් අතටද?

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...