හීනි දිගැටි කලුපාට කතා කරන ඇස් මා දිහා බලන් මොනවද මුමුණන්න හදන්නේ කියලා මට තෙරුන් නැ.ඒ ගැන හිතන්නවත් බැරි තරමටම වහිනවා ,මට ඕනි වුනේ පුංචි කුඩේ යට පුලුවන් තරම් එයාව නොතෙමි තියාගන්නයි
"අයියේ"
"ම්ම්ම්"
"වැස්ස අඩුවෙන එකක් නැ නේද?"
"එක තමා බබී බලන්න දැන්ම මෙක බුම්මා ගත්තනි"
නංගි සිතලට වෙවුලන්න අරන් මං එයාව තවත් තුරුලු කරගත්තේ මුව දෙනක් මුව පැටියෙක් තුරුලු කරගන්නවා වගේ සෙනෙහසින්.ඒ උණ්සුමට නංගි තව ටිකක් මට උන්ඩි වුනා.දැන්නම් දෙයියනේ කියලා තව එකෙක්ට ඔලුව නොතෙමි තියාගන්න පුලුවන්.වෙලාවට වැස්සෙන් බෙරෙන්න කොලෙකට මුවා වුන කුරුලු ජොඩුවට ගලක් ගහන්න තරම් එකෙක් හිටියේ නැ.
එදා බදාද දවසක් පාක් එකේ වැඩි කට්ටිය නැ.අපි හැමදාම ඉදන් ඉන්න අසුන අදත් අපි අසලින් හිටියා.එතනට ලස්සනට රුවැන්වැලිසෑයේ කොත පෙනවා මෙතනට වෙලා අපි අපේ අනාගතේ ගැන හීන මාලිගා එකින් එක පිරුවට පනදුන්නා.
"නංගි මං මේ ඔයාව තෙමෙන් නැතිව තියාගන්න හදනවා ඔය ඔය පොඩ්ඩක් නටන් නැතිව ඉන්නවා පිස්සි"
මං පෝඩ්ඩක් සැරෙන් කතා කලේ.පුරුදු විදියටම නෝක්කාඩු බැල්මක් මා දිහා හෙලා ඒයා ඒයාගෙ වැඩේ
"ඌයි රිදෙනවා"
එයාගේ කිරිපාට දත්වලින් මාව හීනියට හපා කනවා.දෙපාරක් නොහිතාම ඇයව මං හුස්ම ගන්න බැරි තරමටම මගේ පපුවට තුරුලු කරගත්තා.
"සුදු අයියේ"
එවර හඩ අවදි කලේ ඇයයි.
"ම්ම්ම්"
"මගේ මුණ දිහා බලන් මට ආදරෙයිද කියන්න"
ඒ කොල බැල්ම ඒ වචන වල තිවුන කොල බව මාව පිස්සු වැට්ටුවෙ ගොඩක් කාලෙකට කලිනුයි.
මම මගේ අතේ දබර ඇගිල්ලෙන් එයාටත් නොදැනි එයාගේ නිකට ඉස්සුවා.දැන් එයාගෙයි මගෙයි ඇස් එකක් වෙලා.කම්මුල් රෝස පැහැ වෙලා මුණේ ලැජ්ජාබර ගතියක් තිබුණට එයා මගේ ඇස් දිහා බලන් උන්නේ ඇහි පිල්ලමකටවත් බාදා කරන්න ඉඩ නොදියි.මං ඇගේ නළල සිප ගත්තේ උතුරා යන සෙනෙහසිනුයි.
වැස්ස වැහැලා තියෙන්නෙත් අපි ගැන හිතලමද කොහෙද...එයාගේ කටින් නොකිව්වට "කෝ සුදු අයියේ ඔයා තාම කිව්වේ නැනි "වගේ හැගිමක් ඇගේ නෙත් තුල විය.
දකුණු අතින් මගේ නංගිව මං තුරුලු කරන් වමතින් ඇගේ හිස මගේ දිහාට කරන් නංගිගේ රොසපාට තොල්පෙති මගේම කරගත්තේ ආසාව උතුරාව යමිනුයි.එ මොහොතේ ගත පුරා අමුතු හැගිමක් උඩු දිව්වා.ඒ මොකක්ද කියලා හොයන්න පරික්ෂණ කරන්න හිතටත් මොකක්ද වගේ.එයා මගේ තොල් පෙරෙතියෙක් වගේ උරන්නේ.
"ආව් පිස්සි රිදෙනවා"
"ආ මෙන්න පුංචි බබෙක් ඉන්නවා ඔහොම අද අම්මට ප්‍රස්න ගොඩක් තියේවි"
මගේ යටි තොල හීනියට හපන් ඇය කතා කරන්නේ.කිස් කරන ගමන් කතා කරන එකත් හෙන කික් වැඩක් .මගේ තොල් වලට ඇගේ දෙතොලින් නිදහසක් නැත දංගෙඩියට දැමුවාක් වැනිය.මටත් ඒ දඩුවමෙන් නිදහස් වීමට වුවමනා නැත.වෙලාවකට මේ නහය ගලවලා පැත්තකින් තියන්න හිතෙනවා.
කවුරු අපි දිහා බලන් ඉන්නවද දන්නේ නෑ සමහර විට මෙ සීන් එක වීඩියෝ වෙලා අපි දෙන්නා ජාත්‍යන්තරේට එකතු වෙලාද දන්නේත් නැ.
මගේ අතේ වුන කුඩය මටත් නොදැනිම මගේ අතින් ගිලිහිලා.අපි දෙන්නා දැන්නම් තෙමිච්ච කුකුල්ලු වගේ
"කපටියා"
"ඇයි"
"කෝ කිව්වද"
ඇය ව මගේ පපුවට නැවත වතාවක් තුරුලු කරගත්තා.
"අහන්න මගේ අම්මා මේ රාවය ඔයාට කියයි මගේ ආදරේ තරම්"
ඇගේ දකුනතේ ඇගිලි තුඩු වලින් මගේ වම් අත තදින් ග්‍රහණය කරගත්තා.
No comments:
Post a Comment