Thursday, May 2, 2019

නවම් පොහොය (nawam pohoya)



Image result for නවම් පොහොයලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත.බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහොය දිනකදීය.

සැරියුත් තෙරුන් වහන්සේ ධර්ම සේනාධිපති වශයෙන්ද , සැරියුත් මුගලන් තෙරුන් වහන්සේ ධර්ම පුරෝහිත වශයෙන්ද යන තනතුරු වල පිහිටුවිය.එමෙන්ම මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ පධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදුවී ඇත්තේද නවම් පොහොය දිනකදීය.තවද බුදුන් වහන්සේ යු සංස්කාරය ඇත හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනකය.ඉන් පෙර උන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ආනන්දය, සතර ඉර්ධිපද වඩුවහුට කැමැත්තේ නම් ආයුස්කල්පයක් වුවද ජීවත්විය හැකිය”යනුවෙන් වදාල නමුදු ආනන්ද හිමියන්ට එය වටහා ගන්නට හෝ එසේ වැඩ ඉන්නා ලෙසින් බුදුන් වහනේගෙන් ඉල්ලීමක් කිරීමට තරම් අවබෝධයක් නොවූ බව පැවසේ.වසවර්ති මාරයා විසින් ආනන්ද හාමුදුරුවන්ට එම වැටහීම වලක්වනු ලැබූ බවද සදහන් වේ.එම අවස්ථාවේදී මහ පොලව කම්පනය වෙමින් භූ චලනයක් ඇති විය.“ඕවාද ප්‍රාතිමොක්ෂය” නමින් පටු ආකල්ප බැහැර කොට සම්ධි ගත දිවි පෙවතකට සගරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් වදාරන ලද්දේද නවම් පුන් පොහොය දිනකදීය.සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්මී චාපාල චෛත්‍ය කරා වැඩම කරවීමද මෙම පොහොය දිනයේදී සිදු විය.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...