2018-12-18 වන දින මා විසින් ගන්නා ලද්දකි. |
කටුක යැයි පවසන බොහෝ දෑ පසු පස අපි නොදකින සුන්දර කොතෙක් නමි දැ පවතිනවද?
දැකලා තියෙනවද අන්දර ගහ...
අන්දර ගහේ කටු කොයිතරමි විස වුනත් කොයි තරමි සැර වුනත් රේණු වලින් ගැවසුනු ඒ මල හරි ලස්සනයි, සුන්දරයි.
වැඩ කන්දක් කර පින්නගෙන ගොඩක් අය ජිවත් වෙනවා. මම වැරදි නෑ නේද මිමිමි. වැඩ වැඩ නිමාවක් නැති වැඩ.
‘සැනසීම’
ඔය වැඩ අතර අපිට මතක් වෙනවා. කොයිතරමි උත්සාහ කරත් මරණයෙන් කෙලවර වෙනවා කියලා හිතන සැනසීම...
අපි දන්න එක ඇත්තක් තියෙනවා. ඒ හැම බැදීමක් පසු පස දුක්ඛිත අවසානයක් තියෙනවා කියන තිත්ත ඇත්ත. ජිවී අජීවි හැම දේකට ම පොදු වු මේ අප අත් දකින ඇත්ත, ඇති සැටියෙන් තේරුමි ගන්න, ක්‍රියාවට නන්වන්න තරමි ශක්තියක් බහුතරයක් වුන අපිට නැ.
සැනසුම සොයා අපි සැම දෙන කැරකෙනවා
සැප දේ සොයා කැරකෙන එක වැඩි වෙනවා
වස්සාන වැස්ස නිමවී ඉඩොර වැසි ඇති වෙනවා
වස්සාන වැසි සොයා හැම දින ලත වෙනවා
ඉරිතැලි ගිය ඉඩොරයට සැනසුමි වැස්සක්
පතමින් මම ඇවිද ගියා නුපුරුදු ගමනක්
සැනසුමි හා ලතැවුල් වී ගුටි කෙලියක්
දුටු වත දැක නතර වුනා එකවර මොහොතක්
පුන් සද පරයන සොමි රැස් ඇගේ වතේ වුවා
දැඩි මුව පෙවිවෙකු ඇගේ දෑසේහි වුවා
දුටු මුවෙහි අරුත් නොදකින රහසක් වුවා
දුවන ගමන් සන්සුන් ගමන් හිමි ඈ කවුදැයි බැලුවා
බෝ පත් එක්ව ඈ මග හොද යැයී කීවා
සුදු වැලි තලය පා පියුමන් සිසිලස් කෙරුවා
පියුමන් අතර ඇය පියුමක් වුවා
සෙවිව වැසි ඇය ලග අඩු නැති වුවා
බෝ සමිදුන් අප සැම විට සනසන්නේ
සියළු දෙනා හට සැම විට එක ලෙසිනේ
ඇය හා මා එක ගමනක් යන්නේ
ශිතිජය තුල දි වත් අප මුන නොගැසෙන්නේ
චන්ඩ මාරුතයක් හරහා යන්නේ
උඩුගමි බලයි ඇය පිහිනනේ
රාග අග්නි දැල් පවිවෙන් වලකන්නේ
බාදාවන් මදහසකින් සිදලන්නේ
මොක්පුර උණුසුම දැනුනාදෝ
සැප වූ දේ අත හැරියේ කෙලෙසින්දෝ
එඩ් ගන්නේ වෙර ආවේ කෙලෙසින්දෝ
ඔබ යන ගමන යන්නට මට බැරි වේදෝ
හිරු රැස් ඔබට සැම විට සුව සෙවනක් වේවා
පතන පැතුමි ඔබේ සැම දින ඉටු වේවා
දුර වු ගමන කෙටි ගමනක් වේවා
මොක්පුර සුවය මේ අත් භවයෙම වේවා
No comments:
Post a Comment