Thursday, May 2, 2019

පිළලය

Image result for වචන

වසර ගණනක් හිතේ පැසවන මරණය දක්වා නොනැසී පවතින අමනාපයක් හෙට ඇති කරගන්නට  ඔබටත් මටත් උවමනා නම් හිත රිදෙන වචනයක්  කියමු. එ් වචනය මොන තරම් යුක්ති යුක්ත වුවත් කමක් නැ.

විවේචනයනයක් , හෙළා දැකීමක් , අපහාසයක්, සිදුකිරීම  එතරමි අසීරැ දෙයක් නෙවෙයි.

නමුත් සිදුකළ වැරැද්ද වටහා ගැනීමටත්, සමාව දීමටත් චරිතයකට කොතරමි නමි ආත්ම සංයමයක් අවශ්‍ය වන්නේ ද?

පැනය ඔබ ඉහත සදහන් කළ කරැණු දෙකෙන් කොතනද...
(හිතන්න)

ඔබ දකින, ඔබ නිතර ඇසුරු කරන චරිත වලින් කීයෙන් කී දෙනෙක් මිනිසුන් හෙළා දැකීම වෙනුවට ඔවුන් තේරුම් ගැනීමට කවදා හෝ උත්සාහ කර තිබේ ද ?

කිසිම මිනිසෙකු ස්වයං  විවේචනයක කිසි කිසිම විටෙක නොයෙදෙන බව ඔබ දන්නවා ද ? 
මාත් එසේමයි.

ඔබ යම් මිනිසකු විවේචනය කළ හොත් ඔහු ආත්මආරක්ෂාව සලසා ගැනීමේ තත්ත්වයට පත් ව තම ක්‍රියා නිදොස් බව කියාපෑමේ උත්සාහයක  යෙදෙන්නට පෙළඹෙන බැවින් විවේචනය නිෂ්ඵලය. විවේචනයෙන් මිනිසකු ගේ මානය බිඳෙයි ඔහුගේ ආත්ම ආත්මාභිමානය පළුදු වී සිරිත් හැටියටම අමනාපයක් හටගන්නා බැවින් විවේචනය අන්තරාදායක ය.

නවතින්න.

උක්ත කරැණ  මදක් හිතන්න...
Related image

වැරදි කළ තැනැත්තා තමාට හැර සෙසු සියල්ලන්ටම දෝෂාරෝපණය කිරීමක් සිදුවී නොමැති නම් එය පුදුමයට කරුණකි. අප සියල්ලෝම හැසිරෙන්නේ මේ ආකාරයෙනි එසේ නම් ඔබ අන් අය විවේචනය කිරීම සාධාරණ ද ?

විවේචනය හරියට බූමරංගයක් වගේ ඔබ එය  විසි කල  පසු නැවත ඔබ අසලටම පැමිණේ.

කොන්ෆියුසිස් පවසන ආකාරයට ඔබගේ ම මිදුල අපිරිසිදුව තිබෙන විට අසල් වැසියාගේ වහලයේ ඇති හිම ගැන මැසිවිලි නගන්නට එපා.
මේ මාතෘකාව ට විස්තර හොයන විට  අපිට අනන්‍ය වුණු  මේ හා සැසඳෙන ප්‍රස්ථාව පිරුළු බොහෝමයක් සොයා ගැනීමට හැකි වුණා.
  • කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු පොඩි තිබෙනවා ලු.( කාල ගේ අතිනුත් වැරදි සිදු වන බව හා කාගේ  අතිනුත් වැරදි සිදුවිය හැකි බව ප්‍රකාශ වෙි. )
  • ගමරාළගේ අඹුඩෙයි කැත කළ එක්කෙනා සෙව්වා වගෙයි. ( තමන්ගෙ වරද තමන්ට නොපෙනීම පිළිබඳ කියමනකි. )
  • තමන්ගෙ අසේ තිබෙන පරාලය නොබලා අනුන්ගේ ඇසේ තිබෙන රොඩ්ඩ බලන්නා වගේ.( තමාගේ ලොකු වැරදි තිබිය දී අනුන්ගේ සුළු වරද දැකීම හැඟවේ. )
  • තමන්ගේ මල්ල පිට පස්සෙන් ලු අනුන්ගේ මල ඉස්සරහින් ලු.( තමන්ගේ වැරැදි නොපෙනෙන බවත් අනුන්ගේ වැරදි පෙනෙන බවත් කියවේ. )
  • ලීයේ ඇදය අරින වැල් ඊටත් වඩා ඇදලු.(අනුන්ගේ වැරදි කියන අය තුළ ඊට වඩා බරපතළ වැරදි ඇති බව කියැවේ. )

මේ රසවත් ප්‍රස්ථාව පිරැලු වලින් කියවෙන්නේ, කතා කරන මාතෘකාව වර්තමානයේ පමණක් නෙවෙයි අතීතයේත් පැවති බවයි.

මිනිසුන් සමග කටයුතු කරන විට අවබෝධ කොට ගත් දෙයක් නම් අප කටයුතු කරන්නේ හැඟීම්වලින් යුතු පූර්ව නිගමන සහිත ආඩම්බරයෙන් හා උඩඟු කමින් පෙළන අය සමඟ බවයි.

විවේචනය වනාහී භයානක ගිනි පුපුරක්. ඒ භයානක ගිනි පුපුරෙන් කෙනෙකුගේ ආඩම්බරය නැමති වෙඩි බෙහෙත් ගබඩාව පිපිරවීමට හැකි ය. සමහරවිට මේ පිපිරීම හරහා භයානක ජීවිත හානි මෙන්ම සදාකාලික අතුරැ ආබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් මා අත් දැක ඇත.

බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් පවසන ආකාරයට  ඔහුගේ සාර්ථකත්වයේ රහස නම් කිසිම මිනිසෙකුට දොස් නොකී මත් සෑම කෙනෙකු සතුව ඇතැයි ඔහු දන්නා හොඳ ගැන කතා කිරීමත් ය.

Related image
එ්බ්‍රහමි ලින්කන් බෙහෙවින් ප්‍රිය කල උද්රැත පාඨයක් තමයි 
''ඔබ විනිශ්චයට භාජනය  නො වනු පිණිස අනුන් විනිශ්චයට භාජනය නො කරනු'' 

මිනිසුන් හෙළා දැකීම වෙනුවට ඔවුන්ට අපහාස කිරීම වෙනුවට ඔවුන් ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ නොකරන්නේ මන්ද ?

එක් දෙයක් හැම මොහොතේ මේ සිත් තබා ගන්න ඒ බූමරංගය ඔබ වෙත  නැවත පැමිණෙන බව,

                  මෙන් ම  පුන් සඳේත් කැළැල් ඇති බව .

අදහසකුත් පල කරගෙනම යමු.
හොදයි කියලා හිතෙනවනමි තව කෙනෙක්ට බලන්න යවන්න.
ස්තූතියි.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...