Thursday, May 2, 2019

නවම් පොහොය (nawam pohoya)



Image result for නවම් පොහොයලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත.බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහොය දිනකදීය.

දුරුතු පොහොය (duruthu pohoya)


Image result for දුරුතුවර්ෂයේ මුල්ම මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වශයෙන් දුරුතු පොහොය හදුන්වා දිමට පිළිවන.බුදුන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩම කලේ මෙම දුරුතු පොහොය දිනයේ දිය.

බෝ මලුව

2018-12-18 වන දින මා විසින් ගන්නා ලද්දකි.


කටුක යැයි පවසන බොහෝ දෑ පසු පස අපි නොදකින සුන්දර කොතෙක් නමි දැ පවතිනවද? 
දැකලා තියෙනවද අන්දර ගහ... 
අන්දර ගහේ කටු කොයිතරමි විස වුනත් කොයි තරමි සැර වුනත් රේණු වලින් ගැවසුනු ඒ මල හරි ලස්සනයි, සුන්දරයි.

වස් කවිය

Related image
ජිවිතේ මාරම මාරයි. 
ඇයි මං එහේම කියන්නේ.
නැවතිල්ලේ හිතලා බලන්නකෝ  කෙලවෙද්දින් ඇටි හැලෙන්න ම කෙලවෙනවනි  හරි යද්දින් ?........ (උත්තරේ හිතාගන්නකෝ)

බොහෝ වෙලාවට අපි අපේ ජිවිතේ උඩමළුවට මිනිස්සු වද්දාගද්දින් කිසිම සැලකිල්ලකට බදුන් කරන් නැ.ෂොප් එකකට ගිහින් රෙදි තෝරනවා වගේ මිනිස්සුත් තොරගන්න පුළුවන්නමි නේද ?
එත් ඒක කරන්න බැරි වැඩක්. 
හිතන්න. හිතන්න ගතවන කාලය වැය උනා කියලා පසු තැවෙන්න එපා මොකද ඒ දේ අනාගතයට ලොකු ආයෝජනයක් වෙිවි නිසකයෙන් ම.

ගිලිහීම

Image result for alone boy sad
ආදරය කියන්නේ අපිව පාරන එක කවදා කොහොම කොතනින් ඇරබෙයි ද කියලා කිව නොහැකි සමහරක් කතන්දර වල අවසානය කදුලක් නමි ඒ කතාවට සාදාරණ අවසානයක් දෙන්නේ ඇයි කියන ප්‍රශ්ණය තවමත් මගේ හිතට වද දෙනවා.
දෛවය උබට  හොදට අමු  අමුවේ මිනිමරන්න පුලුවන්.

පිළලය

Image result for වචන

වසර ගණනක් හිතේ පැසවන මරණය දක්වා නොනැසී පවතින අමනාපයක් හෙට ඇති කරගන්නට  ඔබටත් මටත් උවමනා නම් හිත රිදෙන වචනයක්  කියමු. එ් වචනය මොන තරම් යුක්ති යුක්ත වුවත් කමක් නැ.

විවේචනයනයක් , හෙළා දැකීමක් , අපහාසයක්, සිදුකිරීම  එතරමි අසීරැ දෙයක් නෙවෙයි.

නමුත් සිදුකළ වැරැද්ද වටහා ගැනීමටත්, සමාව දීමටත් චරිතයකට කොතරමි නමි ආත්ම සංයමයක් අවශ්‍ය වන්නේ ද?

පැනය

Image result for ask questions girl you like



නිහඬ බව සිඳ 
නෙත් කැළුම් හෙළ
බලයි ඈ මා දෙස

 ගොළු වූ මුව
යොමයි මා දෙස
සොඳුරු වූ නෙත

විටෙක රිදෙනා
විටෙක හිනැහෙනා
නොතේරෙන තේරුම 

අසමි මම
 හඬමි මම

ප්‍රේමය ද එය

අදහසකුත්  පලකරගෙනම යමු...

කදුළ

Related image

ඔබේ නීල නුවන් යුග
 මා නෙත දුටු දා
හැඟුනා ඔබ මාගෙමයි කියලා

සීත මද පවන්
ඇගේ වට දැවටී
 මා ගත සුවඳින් සුවඳ කලා

ඇගේ මග වැඩුණු
පර සුවඳ රෝස මල්
මාහා සමගින් සිනාසුනා

මුලු ලොව අවදි ව
 ඈ පමණක් නිහඩව


 මා ඇස් බොඳවී දෝරෙ ගියා

තතු

Image result for alone boy


දහසක් නෙතු අතර
ඇගේ නෙත දුටිමි මම
 කෙසේ නම් පවසම්ද
 එහි වූ කාන්තිය

  ගැටුනි නෙත එකවර
 කෝල විලසින
 අග රැඳුණු සිනහව
මගේ නොවේ ඔහුගේ ය

අදහසකුත් පලකරගෙනම යමු...

සැනසුම

Image result for laughing boy hindeing sad image

අපට හමු වන බොහෝ චරිත අපිත් සමග කාලය ගත කරන්නේ මුළු ජිවිත කාලයම අපත් සමග ජිවත් වනවා කියන පොරොන්දුව පිට.එත් ඒ පොරොන්දුව කෙතරම් කාලයක් සුරක්ෂිත කරනවාද ?  


නේත්‍රාවිය

Related image
දෛවය කෙතරම් නම් අපේ ජිවිතයට බලපෑම් කරනවාද, සමහර වෙලාවට උහුලුම් නොදෙන තරම් දුක් කම් කටොළු වලින් අපිව අසරණ කරනවාද? වේදනාවෙන් පෑරෙන හුස්ම හිරකරන සමහර සිදුවීම් අමතක කරලීමට ජිවිත කාලයම ප්‍රමාණවත් නොවන තරම්.

පැල් බැදන් එකට වේලි ගොඩ නගන සෑම සිහිනයක්ම යථාර්ථයක් වනවා නම්....

දෙසිත

Related image


මුදුන් පමුණුවා ගැනිමට ‌‌නොහැකි ‌කො‌‌තේක් දෑ අපි අපේ ජිවිතය පුරා අත් දැක ඇත්ද, ඒ තුළ ජිවත් ‌වෙමින් කල් ‌ගෙවිමට ‌‌අපි ‌කොතරමි නමි ‌වෙ‌හෙසක් දරන්නේද ....

Image result for alone boy
ජිවිතයේ අපිට හමු වෙන සමහර චරිත අපිටත් හොරා අපේ බොහෝ තැන් ස්පර්ශ කරනවා.හරියට විනාශ වන බව දැන දැනත් පහන් එලිය සොයා යන මෙරුන් මෙන්, විනාශ වෙන බව දැන දැනත් ජිවිතේ එකම ආලෝකය එය යැයි සිතා කණමැදිරි එලියට වහ වැටෙනවා.බුද්ධිය කෙතරම් සිමා මායිම් වැට කඩුළු බැන්දත්, දැම්මත් හදවත අපිට අවනත කරගන්න බැ.ඒ කටුක සත්‍ය අපිව කොතරම්නම් අසරණ කරනවද , දුකට පත් කරනවද?

ඔබ සොයන්නේ යශෝදරාවන් නම් ඇය සොයන්නේ සිද්ධාර්ථයන් ය...

ඒ ඒ අර බලපන්කො
මොකක්ද බං
පට්ට කෑල්ලක් යනවා යකෝ
අම්මට සිරි ඒක බලපන්කො, සැප කදක්නි
පට්ට ඇග නේ ... සෙක්සි  ඈ
ගැටදෙක බලපන්කෝ...
හම්මේ ඉතීම් පස්ස පැත්ත නලවන ලස්සන වඩා ගන්න හිතෙනවා නේ...
එක පාරක් හරි කේල්ලෙක්ට මෙහෙම කියලා නැද්ද.උබලා ගැන නම් දන්නේ නැ අපේ  උන් සෙට්  උන වෙලාවක මෙහම නොකිව්වොත් තමා පුදුමේ.පතිවත රකින උපාසක මහත්තුරු ගැන නම් කියන්න යන්නේ නැ,හැබැයි එලි පිට රගන අපිට වඩා අටසිල් රකිනවා වගේ ලෝකෙට පෙන්න බක තපස් රකින මහත්තුරුන්ගේ හිත් හරි කැතයි කියන්න දන්නවා.හැගීම් තියෙන ඕනි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තමන්ගේ ප්‍රතිවිරුද්ද ලිංගිකයා ගැන මෙහෙම හිතන එක සාමාන්‍යය දෙයක් එත් ඒ දේවල් පිටතට එන්නේ හරිම කලා තුරකින්.කොල්ලෝ අපි විතරක් නෙවෙයි කෙල්ලොත් මෙහෙම කොල්ලෝ ගැන කියනවා හපොයි ඒ ගැන කතා කරොත් කතා කරන්න හදන එක නෙවෙයි කතා කරන්න වෙන්නේ.කොමත් අපි අපේ සමහර දේවල් හොදම යාලුවටවත් කියන්න යන්නේ නැනි.
වටින් ගොඩින් අටුවා ටීකා ඇතිව කතාවට මුල පුරන්නම්කො ඇ.බුකියේ සැරිසරද්දීන් ලස්සන වදනක් හම්බුණා.මං දන්නේ නැ එක කවිද ලිව්වේ කියල එත් එක හරි ගැබුරු අදහසක් තියෙන දෙයක් නිසයි හිතුනු දේ  කොටන්න හිතුනේ.

ඔබ සොයන්නේ  යශෝදරාවන් නම් ඇය සොයන්නේ සිද්ධර්ථය.

ගමේ ගොඩේ හෙන ෆෙමස් කතාවක් තියෙනවා,කොල්ලෙක් ගෙට නාවල ගන්න පුළුවන් වුනාට කෙල්ලේක් ගෙට නාවලා ගන්න බැලූ.මං අහන හොදම කුණු හරපයක් තමා මේක.හමන්ගේ ජාතියේ එකෙක්ම තම ජාතියට කෙලවනවා වගේ මේක කියන්නෙත් ස්ත්‍රී පාර්ශවයේ ඇත්තියක්ම තමා.හැම මගුලටම චෝදනා එල්ල වෙන්නේ එක පිරිසකට විතරයි සමහර විට මේක කියවන ඔබ හිතනවා ඇති මං පොන්සියෙක් කියලා.ඇත්ත කතා කරමු.මං කියන්නේ නැ සියට සියක් කෙල්ලෝ නිවැරදි කියලා එම කියලා කොල්ලෝ සියට සියයක් නිවැරදි කියන්නත් බැනි නේද ම්.


කොල්ලෝ අපි හොයන්නේ ලෝකේ ජිවත් වෙන ලස්සනම ,හොදම කෙල්ල.කෙල්ලෝ හොයන්නේ ලෝකේ ජිවත් වෙන හොදම ලස්සනම කොල්ලා.කවුරු හරි මේකට නැ කියලා කියනව නම් එක පට්ට බොරුවක්.යං ජෙනරෙසන් එකේ ජිවත් වෙන ඇතියෝන්ගෙයි ඇත්තොන්ගෙයි පට්ට සොදුරු හින වලින්න් එකක් තමා ඕක.මේකයි මචන් මට බොරුවට පතන්න බැ හොද ම ලස්සන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි  සෙට් වෙන්න කියලා.හොද එකෙක් හරි එකියක් සෙට් වේවා කියලා කියන්න පුළුවන්.
(යට ටික සිහියෙන් කියවපන්)


උබ කලින් යාළුවෙලා හිටපු කෙල්ලෝ කි දෙනෙක්ගේ උබ ඇග පත ඇත ගැවද බං.පස්සේ ඒ එෆයා එක නැති උනාට පස්සේ එකී බඩුව උණා නේද.ආයේ උබට සෙට් වෙන කෙල්ල කවුරු හරි එක්ක සෙට් වෙලා හිටියොත් එකී බදඩුවනි බං.උබ එක්ක කලින් යාළුවෙලා හිටපු කෙල්ල එක එකාගේ අතින් අත උබට පස්සේ මාරු වෙන්න ඕනිද බං.උබ කසාද බදින කෙල්ල එම අතින් ඇත මාරු වුන කෙල්ලෙක්නම් ??? එතකොට උබගේ පැරණ කෙල්ල බදින කොල්ලගේ මානසික තත්වය??? ඌත් උබ වගේ කොල්ලෙක්නි


අඩෝ මන් අරකිට අරහෙම කලා කියලා උදම් අනන පොන්නයෝන්ට ඒකේ රගේ තෙරෙනේ එහෙම කෙල්ලෙක් තමන්ගේම උණ දවසකට.කොල්ලෝ උපතින්ම ආත්මාර්ථකාමි සත්තු ජාතියක් කෙල්ලොත ඒමයි.කවුරු හරි කියනවනම් මං ආත්මාර්ථකාමී නැ කියලා ඌ මාර්ග පල ලබපු ඩයල් එකක් කියලයි මගේ අදහස.ඔව් නැ කියන්නේ නැ තමන්ගේ ගැණු හුවමාරු කරගන්න අසික්කිත සන්කෘතියක් තියෙනවා.මං එක නරකයි කියන්නෙත් නැ මොකද කායික සම්බන්ද තාවය හා මානසික සම්බන්දතාවය අතර තඩි වෙනසක් තියෙන නිසා.එත් අපිට අනන්‍යය උණු සංස්කෘතියක් අපිට තියෙනවා.එක හිමිට වෙනස් වෙන එකක්.


මං කියන්නේ මෙච්චරයි අපි කරන සමහර වැරදි ලෝකේ කරන්නේ අපි විතරයි කියලා හිතනවානම් වැරදි මචං.එක එහෙම වෙන කොට අපි කරපුවැරැද්ද අපි නොපිළිගෙන අනෙක් කෙනා ඒ වැරැද්ද කරද්දින් එකට සමව නොදී චෝදනා කිරීම හරිද? මං දන්නේ නැ


මචන් අතීත හා වර්තමාන හැසිරීම මත අපේ අනාගතය තීරණය වෙන්නේ.අතීතය සම්පුර්ණයෙන්ම අමතක් කරලා උබට තඩි තනි සුදු චරිතයක් විදියට ලෝකෙට මුණ දෙන්න පුළුවන් වුනාට උබට මුණ දෙන්න බැ.එත් අපිට අතීත වැරදි ආයේ නොක‍ර ඉන්න පුළුවන්.


සිද්ධාර්ථයන් පැතුවේ යශෝදරාවන් විතරමයි බං එම කොල්ලෝ අද නැති තරම් උබට එම කොල්ලෙක් සෙට් වෙන්න කියලා පතන්නම්.යශෝදරාවන් පැතුවේ සිද්ධාර්ථයන් විතරමයි බං එම කේල්ලෝ අද නැති තරම්.උබටත් මටත් එම කෙල්ලෙක් සෙට් වෙන්න කියලා පතන්නම්.


මං මේ කිව්ව සමහර දේවල් සමහර අයට අදාල නොවෙන්න පුළුවන්.


කියෙව්වට තුති.යටින් කොමෙන්ට් කරන්න කියන නැ.කැමතිනම් මොනාහරි කොටන් යන්න.
ජයවේවා!

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...