සිංහල භාෂාව
Thursday, May 2, 2019
වස් කවිය
ජිවිතේ මාරම මාරයි.
ඇයි මං එහේම කියන්නේ.
නැවතිල්ලේ හිතලා බලන්නකෝ කෙලවෙද්දින් ඇටි හැලෙන්න ම කෙලවෙනවනි හරි යද්දින් ?........ (උත්තරේ හිතාගන්නකෝ)
බොහෝ වෙලාවට අපි අපේ ජිවිතේ උඩමළුවට මිනිස්සු වද්දාගද්දින් කිසිම සැලකිල්ලකට බදුන් කරන් නැ.ෂොප් එකකට ගිහින් රෙදි තෝරනවා වගේ මිනිස්සුත් තොරගන්න පුළුවන්නමි නේද ?
එත් ඒක කරන්න බැරි වැඩක්.
හිතන්න. හිතන්න ගතවන කාලය වැය උනා කියලා පසු තැවෙන්න එපා මොකද ඒ දේ අනාගතයට ලොකු ආයෝජනයක් වෙිවි නිසකයෙන් ම.
පිළලය
වසර ගණනක් හිතේ පැසවන මරණය දක්වා නොනැසී පවතින අමනාපයක් හෙට ඇති කරගන්නට ඔබටත් මටත් උවමනා නම් හිත රිදෙන වචනයක් කියමු. එ් වචනය මොන තරම් යුක්ති යුක්ත වුවත් කමක් නැ.
විවේචනයනයක් , හෙළා දැකීමක් , අපහාසයක්, සිදුකිරීම එතරමි අසීරැ දෙයක් නෙවෙයි.
නමුත් සිදුකළ වැරැද්ද වටහා ගැනීමටත්, සමාව දීමටත් චරිතයකට කොතරමි නමි ආත්ම සංයමයක් අවශ්‍ය වන්නේ ද?
පැනය
නිහඬ බව සිඳ
නෙත් කැළුම් හෙළ
බලයි ඈ මා දෙස
ගොළු වූ මුව
යොමයි මා දෙස
සොඳුරු වූ නෙත
විටෙක රිදෙනා
විටෙක හිනැහෙනා
නොතේරෙන තේරුම
අසමි මම
හඬමි මම
ප්‍රේමය ද එය
අදහසකුත් පලකරගෙනම යමු...
කදුළ
ඔබේ නීල නුවන් යුග
මා නෙත දුටු දා
හැඟුනා ඔබ මාගෙමයි කියලා
සීත මද පවන්
ඇගේ වට දැවටී
මා ගත සුවඳින් සුවඳ කලා
ඇගේ මග වැඩුණු
පර සුවඳ රෝස මල්
මාහා සමගින් සිනාසුනා
මුලු ලොව අවදි ව
ඈ පමණක් නිහඩව
මා ඇස් බොඳවී දෝරෙ ගියා
තතු
දහසක් නෙතු අතර
ඇගේ නෙත දුටිමි මම
කෙසේ නම් පවසම්ද
එහි වූ කාන්තිය
ගැටුනි නෙත එකවර
කෝල විලසින
අග රැඳුණු සිනහව
මගේ නොවේ ඔහුගේ ය
අදහසකුත් පලකරගෙනම යමු...
Subscribe to:
Posts (Atom)
නවම් පොහොය (nawam pohoya)
ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...
-
බඩුව,පාර ,දබේ,වෙසාවි,ජිල,මස ,ගොනා ,ජබොක් මේ කොයි නමෙනුත් අපි අතරට එන ලිය නමින් ගණිකාවයි. මලක් මෙන් අදුරේදී සුවදවිදින ආලෝකයේදී පොඩික...
-
සකුරා මල් පිපෙන සුන්දර රටක උදැසන ආහාරයෙන් පසු මම හා ලොකු අප ඇත වුන කැමරා කාචද රැගෙන එලියට බැස්සෙමු.ටෝකියෝ නගරය වෙනදාටත් වඩා කාර්යබහුලත්...