Wednesday, November 2, 2016

21 වන සියවසේ ලෙව කෑම නම් වු ආදරය (Aadaraya)

හුදෙක් මෙය මා ලද අත්දැකිමක් අනුසාරයෙන් ලියන්නට තීරනය කරමී.

වර්ථමාන යංග් ජෙනරේශන් වරුන් හා වරියන් ආදරය මහමෙරක් සේ උහුලන් පැල්බැදගෙන දිවා රෑ නොබලා පැල් කවි නම් වු text පෙරටු කරගෙන ලොවට හොරා ආදර සුව විදියි.මාද එසේමය
.
පුංචි කතාවක්


කාලෙකට කලින් නගරයෙන් එපිට පුංචි ගමක මැදිවයසට ආව ලමයි දෙන්නේක් ජිවත් වුනා.මේ දෙන්නා තමා ගමෙම කටකාරයයි කටකාරියි වුනේ.කටකාරිගේ නම යහාරා කටකාරයා තමයි සන්සල.පුංචිකාලේ ඉදන්ම මේ අය හොදම යාලුවෝ , පුංචි පුංචි හෙතුවලට රණ්ඩුසරුවල් වුනාට ඒ දෙවල්වලින් මෙ දෙන්නගේ මිත්‍රත්වය ශක්තිමත් වුනා මිස ඒ දෙන්නා වෙන් වුනේ නම් නැ.කාලය හෙමින් හෙමින් ගෙවිලා යද්දින් මේ දෙන්නට ඔනි වුනා එයාලගේ සම්බන්දතාවය ශක්‍තිමත් කරගන්න.

සනූ මේ අහපන්.

මොකක්ද..?

දැන් අපි ගොඩක් කල් යාලුවෝ වගේ හිටියනේ

ඔව් ... ඉතින්

ඉතින් අපි අපේ යාලුකම තව වැඩි කරගන්න ඔනා නෙද...

ඔව් මං කැමතියි ඒත් කොමද දැන් ඔක කරන්නේ.

ම්ම්
හරි අපි ගාව තියෙන වටින දෙවල් බොදාගමු.දැන් සනුගාව මට මොනාද දෙන්න තියෙන වටිනාම දේ. 

අපේ තාත්තගේ වඩුමඩුවෙ මං ලියපු ලී කැටයම් තමයි...එතකොට යහාරා ලග මොනාද මට දෙන්න තියෙන්නේ 

අපේ අම්මා හදන රසම රස පැණිවලලුයි අනිත් රසකැවිලියි තමා...

හරි එහෙනම් අපි අනිද්දා ගං ඔවිටදි වෙනදාවගේ උදේ ම හම්බවෙමු...

යාලුවෝ දෙන්නා කතාවුන විදියට ඒ දෙන්නා ලග තියෙන දෙන්න පුලුවන් වටිනාම දෙවල් අනිත් දවසේ දෙන්න හිතාගෙන ලැස්ති වුනා.එත් සන්සලගෙ නම් ඒ තරම් කැමැත්තක් තිබ්බේ නෑ යහාරට තමන් ලග තියෙන හොදම ලී කැටයම් ටික දෙන්න.ඒ නිසා සන්සල ගොඩක් ආසා කරපු ලී කැටයම් ටික තියලා අනිත් ඒවා ටික විතරක් යහාරට දෙන්න ඔනි කියලා හිතාගත්තා.

පහුවදා උදෙම යහාරා වෙනදටත් වඩා සතුටෙන් ඉක්මනට අඩියතියලා ගං ඕවිටට පියමැන්නේ තමන් අතේ තියන හොදම රසකැවිලි සන්සලට දෙන්න හිතාගෙනයී.

සනූ කලින්ම ආවද..කෝ කෝ මට දෙන්න ගෙනාව ඒවා...

ආ මෙන්න මගේ ලග තියෙන හොදම ලී කැටයම්.ගන්න

ආනේ හරිම ලස්සනයි.මෙන්න මගේ ලග තියෙන රසම රස කැවිලි ඔයාට...

යාලුවෝ පොරොන්දුවුන විදියටම ඒ ඒ අය ලග තියෙන දෙවල් බෙදාගත්තා.යහාරටනම් හරිම සතුටුයී එයා ලග තිබුනු රසකැවිලිවලට ලී කැටයම් ලැබුනු නිසා.සතුට වැඩිකමට යහාරට එදා කලින්ම නින්දත් ගියේ මුවගේ සිනහ රන්දාගෙනමයි.

එත් සන්සලටනම් එදා රෑ නින්දක්නම් නැ.සන්සලට හිතුනේ යහාරා බොරු කරා කියලයී හොද රසකැවිලී හන්ගන් හොද නැති දෙවල් යාහාරා දුන්නා කියලා හිතලා සන්සල ගොඩක් දුක්වුනා.දුන්නු දෙවල් වලට වඩා නොලැබුනු දෙවල් ගැනයි සන්සල හිතුවෙ.දුක් වුනේ.


මොහොතක් හිතන්න.


ආදරේ මං දකින විදියටනම් ලොකෙ තියෙන අපුරුම මායාවන්ගෙන් එකක්.ඒ මායාවට වශී වෙන්න ඒ මායාව් තුල ජීවත් වෙන්න හීන මවන්න කවුද අකැමැතී.

සන්සල ,යහාරා හරියට ඇත්ත ජිවිතේ ඔබ වෙන්න පුලුවන් .අපි ආදරේ කරද්දින් අනෙකාගෙන් උපරිම ආදරය බලාපොරොත්තු වෙනවා.ඇත්තටම ඔහුට හෝ ඇයට දෙන්න පුලුවන් උපරිමය එය වන්නට ඇතී.එත් අපි අපෙ මින්මෙන් ඔවුන්ව මනින්න උත්සාහ කරනවා.අවාසානෙට ආදරයට සාප කරනවා.

කතාවකට සන්සල යහාර සීමා වුනාට ඇත්ත ජිවිතේ අපිට කොතරම්නම් යහාරලා සන්සලලා මුණ ගැහෙනවද ඔබත් එසේ වන්නට ඇතී.

තමන් ආදරය කරන කෙනාට හදවතිනම් ආදරය නොකරන ඔහු ඇය ගැන හිතන්නෙත් එහෙමයි.ඔහුට බොරු කියන ඇය සිතන්නෙ ඔහුත් ඇයට බොරු කියනවා කියලයි..
ආදරය රදාපවතින කුලුනුවල ශක්තිමත් බව රදාපවතින්නේ කැපකිරීම කියන හොද බදාමය එයට මිශ්‍ර කලාමයී මිත්‍රයා
.

ආදරෙදි විතරක් නෙවෙයි අපි ඇසුරුකරන යාලුවෝ.අපේ හිතව්ත් අය.නෑදෑයින් ඒ හැමොටම මේ තියරිය යොදාගන්න.

අපි ජිවිතෙට දෙයක් ගද්දින් හොදම දෙවල් ගන්නවා වගෙම අනෙකාත් එසේමයි.හොදම දේ නොදී හොදම දේ අපෙක්ෂා කරන එක සාධාරණද?

යහාරා වගේ වෙන්න.ජිවිතේ තවත් සුන්දර වෙවි.

1 comment:

Unknown said...

සත්‍ය වචන ගැලපෙයි එකින් එක වචනෙට පමණ සීමා නොවූ කලට ආදරය වටහා ගෙන මුලා නොකොට නිර්මල පෙම ගෙන දෙයි සැම සිත් සතුට

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...