Tuesday, June 2, 2015

ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන පෙම්වතුන් උත්තරීතරයි...

(2014 වර්ෂයේදී මා විසින් ගුවන් විදුලි වැඩසටහනක් උදෙසා  නිර්මාණය ලද පිටපතක් ඇසුරෙන් සමිපාදනය වුවකි. නිර්මාණාත්මක හේතුන් මත එය මෙයට උචිත  ලෙස යම් යම් වෙනස් කිරිම්වලට ලක්  කරමින්  එලෙස ම ඉදිරිපත් කරන අතර මෙහි සදහන්  චරිත නිර්මාණකරුගේ අවශ්‍යතා මත නිර්මාණය කර ඇත)
--------------------------------------------------------------------------------------------------------------------------
     

                                                    

නගරයෙන් එපිට ගමක අහිංසක විදියට ජිවත් වෙන තරුණ යුවලක් හිටියා.මේ පුංචි පවුලේ ස්වාමියාවුනේ සිරිපාල එතකොට රූපමලී තම සිරිපාලගේ බිරිද.

රූපමලී ,නම වගේම ගොඩක් රූමත් ස්ත්‍රීයක්.රූපමලිගේ කොන්ඩේ කළු පාටට දිය රැල්ලක් පහලට කඩා හැලෙනවා වගේ දිගට ලස්සනට තිබුණා.ඉර එලිය මේ කොන්ඩේ සිප ගනිද්දී ඒ දිහා බලන්න බැරි තරම් දිස්නේ ගන්නවා එත් මේ තරමට ලස්සන කොණ්ඩයක් තියන රූපමලිට එක පීරා ගන්න පනාවක් තිබුණේ නැ ,විස්වාස  කරන්න බැ නේද? එත්, එක තමා ඇත්ත.ඒ තරමටම රූපමලිලට දරිද්‍රතාවය බැට දෙනවා.

සිරිපාල පුළුවන් විදියට වත්තේ ගෙවත්තේ එයාගේ පුංචි කොරටුවේ පලදාවෙන් එදාවේල පිරිමහ ගන්නවා .එත් දැන්නම් සිරිපාල අසරණයි.සිරිපලලාට ඉරත් දඩුවම් දෙන්න අරන්  ඉරිතැලිලා පලදාවක් ගන්න බැරි තරමටම
සිරිපාල තමාටම මෙහෙම කියනවා.

                         මෙහෙම ඉදල වැඩක් නැ කොරෝටුවෙන් දැන් බඩ වියතවත් රැක ගන්න බැ.මේ පැවිල්ල කවද ද දෙයියනේ ඉවර වෙන්නේ.අම්මපා මේ ගොවිතැන් කිරිල්ල දමල ගහල සිදාදියෙන් රස්සාවක් හොයාගන්ඩ හිතෙනවා 

සිරිපාල ගමකට වෙලා හිටියට අට වසරත් සමත් වෙලා ඉන්නේ .සිරිපලලාගේ කාලේ හැටියට එක ලොකු අධ්‍යාපන සුදුසුකමක් .සිරිපාල කාලයක් රස්සාවල් හොයලා හොයලා බැරි තැන තමයි උදැල්ල අතට ගත්තේ.සිරිපාල අයෙත් රාස්සවක් හොයන වැඩේට අත ගහන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා මිසක් හිතේ කැමැත්තකින් නම් නෙවෙයි.අවසානයේදී තමන්ගේ මේ අදහස සිරිපාල රූපමලිට කියනවා.

රූපමලී පොඩ්ඩක්  මෙහාට ආවනම්
                
අයියන්ඩි මට කතා කෙරුවද

ඔව් මලී මෙහෙම ගියොත් අපිට හාමතේ මැරෙන්ඩ වෙන්නේ .මං හිතාන ඉන්නේ  සිද්දිය පැත්තට ගිහිල්ලා රස්සාවක් හොයාගන්ඩ කියලා.

සිරිපාලගේ යෝජනාවෙන අහිංසක රූපමලී නිරුත්තර උණේ නගර කියන්නේ වංකගිරියක් බව රූපමලී දන්නා නිසයි.අනෙක් එක නගරේ මිනිස්සු එක්ක රූපමලිලට හරි හරියට හැප්පෙන්න බැරි බව රූපමලිලා දන්නවා.ඒ උනත් අනාගතේ ඔලුව කෙලින් තියන් ජිවත් වෙලා ඉන්න ඕනි නිසාම සිරිපාලගේ යෝජනාවට රූපමලී හිස සැලුවා

සිරිපාල  අනෙක් දවසේ උදේම තමාට හිමි එකම කාකි කලිසමයි කමිසෙයි අගේ රුවාගෙන ,තාත්තගෙන් කියල ඉතුරු උණු සිරිපාල අසාවෙන් බලාගත්ත තාත්තාගේ ඔරලෝසුවත් අතේ බදාගෙන ගමනට ලෑස්ති උණේ කොහෝම හරි රස්සාවක් හොයාගන්නවා  කියන දිරියෙන්.

මා ගොහිං  එන්නං  රත්තරනේ මං එනකම් පරිස්සමෙන් ඉන්ඩ 

අයියණ්ඩි පොඩ්ඩක් හිටින්ඩ .අයියණ්ඩි මට පනාවක් 

සිරිපාල ගමන යන්න හැරෙනවත් එක්කම රූපමලී ගොඩක් කල් අසාවෙන් හිතේ හිරකරන් හිටිය දෙයක් රුපමලී නොදැනුවත්වම රූපමලිගේ කටින් ගිලිහෙනවා

හා හා පුරා කියලා රස්සාවක් හොයන යන්න හදන ගමනේදී එහෙම දෙයක් ඉල්ලන එක අසදරණයි කියලා සිරිපාලට හිතුනත් සිරිපාල අතින් තමන්ගේ යුතුකම් ටික ඉටු කරන්න බැරි විම ගැන හිතේ ලොකු කනස්සල්ලක හටගන්නවා .ඒ වෙලාවේ රූපම්ලිගේ හිත රිද්දන්න බැරි නිසාම රුපම්ලිට හිනාවක් පාකරලා අළු පාට සිතල උදසනේ සිරිපාල පිටත් උණා. 

හිටිගමන්ම මලී එහෙම දෙයක් ඉල්ලුවාම මම කොහොමද එක කරන්නේ එත් මේ තරම් කාලයක් මම එයාගේ ආසාව ඉෂ්ට කෙරුවේ නැ.පව් අහින්සකි .මගෙන් වෙන්න ඕනි යුතුකම් මං ඉසට කෙරුවේ නැ නේද 

පසු තැවිලි වෙමින් නගරෙට යන සිරිපාල තමන්ගේ සුදුසුකම් වලට අනුව ලිපිකාර තැනක රැකියාවට බැදෙනවා.නිමිහිම් නැති සතුටකින් ගමට එන්න හදන සිරිපාලට හදිස්සියේම රූපමලිගේ ඉල්ලීම මතක් වෙලා කමිස සාක්කුවට ඇත දැමෙනවා

අනේ දෙයියනේ ,මං දැන් කොමද රූපම්ලිට පනාවක් අරන් දෙන්නේ .අද හොයාගත්ත රස්සාවේ පඩිය ලැබෙන්නේත් මාසෙකට සැරයක්නි.ගමට යන්න විතරයි මගේ අතේ සල්ලි තියන්නෙත් 

සිරිපාල එයා ලග තිබුණු වටිනාම වස්තුව තාත්තගෙන් ලැබුණු අත් ඔරලෝසුව විකුණනවා ලැබුණු මුදලින් රුපමලි කැමතිම පාට වන රෝස පාටින් සත හැත්තෑපහක් වටිනා පනාවක් ගන්නවා

ගෙදර මේ තරමට අඩුපාඩුකම් තිබිලත් පනාවක් ගත්ත එක ගැන තරහකුත්,තාත්තගේ ඔරලෝසුව ගැන දුකකුත් රූපම්ලිගේ ආසාව ඉෂ්ට කරන්න ලැබිමයි රස්සාව ලැබුණු සතුටයි අර දේවල් හිතින් මැකිලා ගියේ සිරිපලටත් නොදනිම 

කොහොම කොහොම හරි කඩුල්ලෙන් පැනලා ගෙදර දිහාට එන සිරිපාලට පිල් ගැට්ට උඩ ඉන්න රුපමලී දැකලා ඇස් අදහගන්න බැරි උණා 

අනේ දෙයියනේ ! මොකක්ද, මොකක්ද මේ කරගත්තේ 

සිරිපලා ගල් ගැහිලා රූපමලි දිහා බලන් ඉන්නවා .සිරිපාලගේ කටට වචන එන්නෙත් නැති තරම් මිනිත්තු කිහිපයකට පස්සේ සිරිපාලගේ මුව විවර උණා

ඔයාගේ ඔයාගේ කොන්ඩේට මොනාද උණේ මලී!

සිරිපාලට අදහ ගන්න බැ මොනාද වෙලා තියෙන්නේ කියලා .අර තරම් ලස්සට තිබුණු කොණ්ඩෙි කොටටම කපලා .රුපමලී අදුරගන්න බැරි තරමටම වෙනස් වෙලා 

මම කොණ්ඩෙි කපලා විකුණුවා

ඇයි ,ඇයි  එහෙම දෙයක් කෙරුවේ මලි 

ඔයාට අලුත් ඔරලෝසුවක් ගන්න. ඔයාගේ එක දැන් පරණයිනි අනික අයියණ්ඩි අලුත් ඔරලෝසුවකට කැමත්තෙන්නේ හිටියේ 

රුපමලී තමා අත උනු රිදිපාට ඔරලෝසුව ජයක්ග්‍රාහී ලිලාවෙන්  සිරිපාල අතට පෑවා 

එතකොට මේ පනාව

එක මට දෙන්ඩ කපපු කොන්ඩේට තමයි පනාව ඕනි වෙන්නේ 

රූපමලි සුරතල් හිනාවක් පාලා සිරිපාල ඇත උණු පනාව උදුරලා ගත්තා .සිරිපාල රූපමලිව හයින් වැලද ගත්තේ උතුරා යන සේනේහසින්

ආදරය කියන්නේ අනෙකා නොකියන දේවල් තේරුම් ගැනීමට කියලා සිරිපලටත් රූපමලිටත් හරියටම තේරුම් ගියේ එදා තමා

ආදරය කරද්දින් අපි කවුරුත් අනෙකාගේ මුහුණේ සිනාවක් නංවන්න ගොඩක් දුක් විදිනවා.හෘදයාන්ගම කැපවීම ආදරය කියන මාලිගාවේ දොරගුලු දරාගෙන ඉන්න ප්‍රදානම කුළුණු වෙනවා.ඒ කැපවීම වෙනුවට වාසිය පමණක් උදෙසා කරන් කැප වීම ආදරයේ පැවැත්ම ඉක්මනින් කෙටිකරනවා.

සිරිපාලගේත් රුපමලිගේත් කැපවීම ඔවුන්ගේ නෙත් අගින් සතුටු කදුළු වට්ටන්න හේතු උණේ අන්න ඒ විදියට

                       
                                                                         -නිමි-

--------------------------------------------------------------------------------------------------------------------------

හිතට දැනුනානම් කමෙන්ට් කරන් යන්න

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...